පනස් හත්වන හිමිවීම 💙

993 186 107
                                    

පෙර කොටසින්.......

"අම්මෝ.... බං.... සුව....ඳ......"

කාර් එක මිදුල කෙළවරක ගාල් කරපු නිකිත් එලියට බැහැලා පපුව පිරෙන්න හුස්මක් ඉහළට ඇද්දේ පපු කුහර පුරාම සමන් පිච්ච සුවඳ පිරෙද්දි......

"කවුද මේ මහත්තුරු......"

එතැන් සිට.......



හතර අතේ හැරි හැරී වට පිටාව බලමින් උන්න මහිත් - නිකිත් දෙන්නම තිගැස්සුණේ එක පාරටම ඇහුණු ගාම්භීර යැයි කියන්න පුළුවන් වගේම ඇහුණාම ඇඟේ හිරිගඩු පිපෙන විදියේ කටහඬක් නිසාවෙන්.......

"මේ මහත්තුරු කවුද...... කාව හම්බෙන්නද???"

නිල් පැහැයට හුරු බතික් සරමකින් සැරසුණු උඩුකය නිරුවත් වියපත් නමුත් ගාම්භීර පෙනුමැති පිරිමි පුද්ගලයෙක් ඔවුන් ඉදිරියට පැමිණියේ උගුර පාදමින්......

ගණනට මිම්මට නඩත්තු කරන බව පෙනෙන උඩු රැවුලේ තැනින් තැන රැවුල් ගස් සුදු වෙලා තිබුණත් වියපත් වුණු ඔහුගේ මුහුණේ තවමත් තාරුණ්‍යයේ කඩවසම් බවේ සලකුණු නොමැකී ඉතිරි වෙලා තිබුණා.......

"කවුද බං මේ????"

"ගෙදර හරි නම් මේ සීයා වෙන්න ඕන මචං.... මාමා මෙච්චර වයස වෙන්න බෑ....."

"එහෙනම් උඹ කතා කරපං....."

නිකිත් මහිත්ගේ කණට ළං වෙලා කුටු කුටු හඬින් එහෙම කියමින් මහිගේ ඉළයට ඇඟිල්ලෙන් ඇනලා මහිත්ව ඉස්සරහට තල්ලු කලා......

"......ආ ... අ... සීයා..... මේ... අපි.... මේ.... "

"මේ සනුත්ලගේ ගෙදරද සීයේ????"

වචන සේරම එක තැන හිර කර ගත්ත මහිත් ගොත ගහනකොට හැම තිස්සෙම වගේ නිකිත් මහිත්ගේ උදව්වට ඉස්සරහට ආවා.....

"ඔව්.... සනුත්ගේ ගෙදර මෙහෙ තමා..... මේ ළමයි කවුද???"

කලින් තිබුණ ආඩම්බරකාර හඬට ඒ වතාවේ නම් මිත්‍රශීලී බවක් එකතු වෙලා කියලා මහිත්ට වගේම නිකිත්ටත් දැණුනා......

"ආ.... සීයා අපි මේ සනුත්ගේ කොළඹ යාළුවෝ..... කොළඹ ඉද්දි සනුත් අපි එක්කනේ පන්ති ගියේ ....... මම නිකිත්.... මේ මහිත්....."

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now