පනස් හයවන හිමිවීම 💙

1K 174 80
                                    

"නිකියා....."

"............."

"නිකියෝ......"

"ම්ම්ම්........"

"ඇත්තටම හොයාගත්තද බං....."

කාර් එකට ගොඩ වුණ තැන ඉඳන් මහිත්ගේ කටින් පිටවුණ එකම  උදාන වාක්‍යය ඔච්චර තමා.....

සිය දහස් වෙනි වතාවටත් එකම ප්‍රශ්නෙට උත්තර දීලා එපා වෙලා උන්න නිකිත් කාර් එක පාරේ පැත්තකින් නතර කළා.....

කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළු වෙලා කුරුණෑගල දම්බොක්ක අන්තර් හුවමාරුවෙන් එලියට එන්න පැය එක හමාරක් යන්න ඇති......

මහින්ද මහත්තයට පින් සිද්ධ වෙනවා !!!

එතනින් එහාට ගමනේ අමාරුම හරිය.....

කොළඹ ඉඳන් කුරුණෑගලට එන්න ගිය වෙලාවට වැඩිය වෙලාවක් කුරුණෑගල ඉඳන් අනුරාධපුරට යන්න ගත වෙනවා.....

"උඹට මාව විශ්වාස නැද්ද....."

කුරුණෑගල - පුත්තලම ප්‍රධාන පාරේ තියෙන සාරගම වැව ඉස්සරහා පිට කුඹුක් හෙවණක කාර් එක නතර කරලා නිකිත් එළියට බැස්සේ හිරි අරින ගමන්......

"එහෙම නෙවේ බං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එහෙම නෙවේ බං......"

නිකිත්ව අනුගමනය කරමින් කාර් එකෙන් එලියට බැහැපු මහිත් නුදුරෙන් පේන සාරගම වැව දිහා බලාගෙන කතාව පටන් ගත්තා.......

"මට .... මට කියන්න තේරෙන්නේ නෑ...... මට උඹව නෙවේ..... මට මාවයි විශ්වාස නැත්තේ..... මට තාම හිතාගන්න බෑ...... මට හරි බයයි නිකියා.... මේක මම දකින හීනයක් වෙයි කියලා.......

හදිස්සියේම මට මේ හීනෙන් ඇහැරෙන්න වුණොත්...... මට බයයි......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now