පනස් තුන්වන හිමිවීම 💙

887 175 50
                                    

"මොන හු****ද බල්ලෝ වෙලා තියෙන්නෙ.... උඹේ ඔය ෆෝන් එක තියෙන්නෙ කෝල් කරන්න... නැත්තම් එන කෝල් වලට ආන්සර් කරන්න... උඹ ඒක තියන් හැ*****ද පගෝ....."

තල් අත්තට බොරළු අහුරක් වීසි කලා වගේ එක දිගට ඇහෙන නිකිත්ගේ බැණුම් මහිත්ගේ කණට ගියාද කියන එක නම් සැකයි.....

"මොකද්ද ඒ එන කර ගඳ..... මොන්....න.... හුක්.... අප්පට හැම**** පගෝ.... ගේත් එක්ක ගිනි තියන්නද හදන්නේ උඹ....."

නහයට දැනෙන පිලිස්සෙන සුවඳ දිගේ ඉව කරපු නිකිත්ගේ ඇස් දෙක විසල් වුණේ බුමුතුරුණ මත වැටිලා තිබුණ සිගරට් කොටය දැකලා.......

දැනටමත් අල්ලක් විතර පදාසයක් බුමුතුරුණෙන් පිළිස්සිලා කළු ගැහිලා තිබුණත් මහිත්ට නම් මේ කිසිම දේක වගක් විභාගයක් තිබුණෙම නැති තරම්......

When was the last time you thought of me?
Or have you completely erased me from your memory?
I often think about where I went wrong
The more I do, the less I know

But I know I have a fickle heart and a bitterness
And a wandering eye, and heaviness in my head

But don't you remember?
Don't you remember?
The reason you loved me before
Baby, please remember me once more

"බලපං මෝඩ මූසලයා..... මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන්ද..... මනුස්සයෙක්ට තියා සතෙක්ටවත් ඉන්න පුළුවන් තැනක්ද ..... කට්ට කළුවරේ..... මේකේ නයි පොළොංගුත් ඉන්නවද දන්නෑ...... ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තපන් ඔය අඬෝ වැඩියාව..... උඹයි උඹේ මගුල් සිංදුයි......"

මහ හඬින් වාදනය වුණ Adele ගේ  ගායනයට තිත තියමින් දුරකතනය නිහඬ කරපු නිකිත් මහිත්ගේ කාමරයේ ජනෙල් වල තිර රෙදි දෙපසට ඇදලා දැම්මේ හිරු කිරණට ඇවිත් තිබුණ ඝන අඳුර විනිවිද යන්න ඉඩ සලස්වමින් ......

"හෙට අනිද්දා උඹේ වෙඩින් එක.... ඊට පස්සේ කම්පැනි එක ලීගලි  බාරගන්නවා......

උඹේ වෙඩින් එක කිව්ව පාර සේරම වැඩ කැන්සල් කරලා වැඩි ගාණක ටිකට් එකකුත් දාන් ආවේ පරයෝ.....  නිකමට උඹට බැරි වුණා එයාපෝට් එකට එන්න...... එයාපෝට් එන්න තියා ෆෝන් එක ආන්ස' කරපන්කෝ.... නෑ.... ඒකත් නෑ.....

හිමි අහිමි 💙 Completed ✔حيث تعيش القصص. اكتشف الآن