✺ දාහතරවන නේත්‍රා ✺

168 44 13
                                    


ආපු ගමන් මම වොශ් කරපු නිසා මම එලියට ආව..මට දැන් තමයි ටිකක් හරි සතුටු බන්.. අභී ආවනෙ...දැන් ඌ වොශ් එකක් දාගන්න ගියා..මම එලියට ආව..තව අපේ විහාලත් ආව මැනිකෙ එක්ක..බත් ටික දීල..මුන් ඇදුනුත් අරගෙනනෙ ආවෙ කට්ටියම අර බැරල් එක ළග නානව..ඔය ඉතින් ඉක්මනට නාන්නෙ වෙන මොකකටවත් නෙවෙයි කන්න..

" ඒ ආදි..වරෙන් කන්න..නැත්නම් උබට නැති වෙයි හොදද..!"

යකෝ ඒක..මේක කාගෙ ගෙදර කියලද දන්නෙ නෑ මුන් හිතන් ඉන්නෙ..නාල ඉවර වෙලා සාලුව ඇගේ පටලන් දුවන ගමන්ම විහා මට කන්න වරෙන් නැත්නම් ඌ කනව කියාගෙන ගෙට දිව්ව..උබර් කියන්න කලින් මම කනව! ඒත් ඉතින් මම එහෙම පෙරේත නෑනෙ..නැත්නම් මුන් ටික ගිය වෙලාවෙ මට කන්න තිබ්බනෙ ඔක්කොම ටික...මුන් හිතාගෙන ඇති මම බයේ දුවයි කියල උන් ඔක්කොම කනව කිව්වම..හැබැයි ඉතින් මම දන්නවනෙ අපේ මැනිකෙ මට ඉතුරු කරනව කියල...

" ඔන්න කෑම ටික...ඔයාලට ඕන තරම් බෙදාගෙන කන්න..."

අපේ මැනිකෙ කෑම මේසෙ හදල..වටේට පුටු ටිකේ දැනටමත් සෙට් එක ඉදගෙන..අපේ මැනිකෙ ඇති වෙනකල් බෙදාගෙන කන්න කියල ආයෙ කුස්සියට ගියා...

" බෙදාගනින් ආදි...ලැජ්ජ වෙන්න එපා..."

" කිව්වයි කියල හිතාගෙන කාපන් ප#යා.."

විහාට මැද ඇගිල්ල පෙන්නල මම පිගානකට බෙදාගත්තා..මුන් මේ මගේ ගෙදර ඉදන් මට කියනව ලැජ්ජ වෙන්න එපාලු..අනේ අම්මපා..සතී නම් දැනටම පපඩම් පොඩි කරගෙන..ඌ පපඩම් කන්න හෙන රුසියා..

" ආදි කෝ බම් අභී..? ඌ කන්න එන්නෙ නැද්ද..?"

" ඌ ඇදුම් අදිනව බන්..දැන් එයි..."

මම කෑම කාමරේට එනකොට දැම්ම අභී ටවල් එක ඇදගෙන කාමරේට යනව..ඌ දැන් ඇදුම් ඇදගෙන එයි...සතීට උත්තර දීල මම බෙදපු බත් එක අභීට ඉදගන්න ඉතුරු වෙලා තිබ්බ තැනින් තිබ්බා..ඔව් බන්..මම මුලින්ම බෙදුවෙ උට..මොනා උනත් උට නොදී කන්න හිතෙන්නෙ නෑ..එ නිසා මම උට බත් එම බෙදල තියල මමත් හෙදාගෙන කන්න ගත්තා..මම මොකද අභීට බත් බෙදල තියන්නෙ කියල මුන්ට ඕනනම් අහන්ම තිබ්බනෙ..ඒත් කොහෙද මුන්ට කෑම ටික දැක්කම කිසි සිහියක් නැනෙ බන්.. බත් එක බදාගෙන උන් කනව..










~ ස්වප්න නේත්‍රා ~ 𝐓𝐊 Where stories live. Discover now