✺ හයවන නේත්‍රා ✺

401 65 13
                                    

( Tv එකේ යන්නෙ ඔය උඩ සිංදුව...)






අම්මෝ.....!!!! යකෝ මූ මගෙ එහා පැත්තෙ ඉදගෙන ඉන්නේ....!!!!

අපි තේ බීල ආවෙ සාලෙට... Tv එක මම දැම්ම ඒකවත් බලන්න කියල..ඇයි බන් අරු යන යන තැන මා එක්කම එනවනෙ බන්.. මට දැන් බාගෙට පිස්සු වගේ... එහෙන් Tv යන සිංදුව... ඇත්තටම එයාගෙ හිනාවට ආදරේ හිතෙනව බන්..

" දැන් ඉතින් ආගිය තොරතුරු කතා කලා මදෑ...මට නංගිගෙන් උදව්වක් ඔනි..."

" මොකක්ද අක්කෙ...පුලුවන් එකක්නම් කරල දෙන්නම් මම..."

" අනේ මට මේ උදව්වක් කලොත් ලොකු දෙයක් නංගි...මට මේ වෙලාවෙ කවුරුත් නැ මේ උදව්ව ඉල්ලගන්න..."

" හරි අක්කෙ කියන්නකො ?"

" මම ලබන සතියෙ රට යනව නංගි , නංගිට පුලුවන්ද අපේ මහීව මේ ගෙදර තියාගෙන බලාගන්න...මම ඕන කරන සල්ලි මාසයක් ගානෙ එවන්නම්..."

අම්මප මට හික් ගෑවුනා... මගෙ ඇස් Tv එකේ තිබ්බත් මේ කාන්ති නැන්ද කියන උදව්ව මොකක්ද කියල අහගන්න ඕනි කමක් මටත් තිබ්බ..හී හී නාක පුරුද්දක් නෙවේ ඉතිම්... ඒ උනාට බන්..මොකක්ද ඒ උනේ..ඒ නැන්ද රට යනවලු..එනකන් මෙයා අපේ ගෙදර ඉන්න...අනෙ අම්මෝ...

යකෝ හුස්ම ගන්නත් අමතක උනා මට..එට්ගකොට මෙයාට මා එක්ක එකටම ඉස්කෝලෙ ගියෑකි...ශා වාව්...ඒ උනාට මෙයා මේම ලග ඉන්නකොට මගෙ පපුව රේස් දුවද්දි කොහොමය යකූ මෙයා එක්ක එකට ඉන්නෙ මම..

මම නිකමට එයාගෙ මූන දිහා බැලුව..ආපෝ..මේක හැන්සම් ලොකු එකෙක් උනත් කට ඇරගෙන කාටුන් බලන හැටි බලහ කො...ගාෆීල්ඩ් කාටුන් එක යනව Tv එකේ..මූ කර ඇරගෙන බලන් ඉන්නව.. අනේ අම්මප...

" අනේ ඕකද....හරි අක්කෙ කිසි ප්‍රශ්නයක් නෑ.. ඉස්සර අක්ක මට කරල තියෙන උදව් වල හැටියට මේක මොකක්ද...අක්ක බය වෙන්න එපා. මම මහී පුතාව බලාගන්නම්..."

අපේ අම්ම කැමති උනා බන්..එයාව මෙහෙ තියාගන්න...අඩෝ සතුටුයි බන්..මට ඒක කියන්න තේරෙන්නෙ නෑ.. හරි අමුතු සතුටක් දැනෙනව මට..මම එයාගෙ මූන දිහා බලාගෙන හිටිය.. වාහ්...මූ හැන්සම් බන්..අඩෝ මට මොකක් වෙලාද මන්ද බන් ..

~ ස්වප්න නේත්‍රා ~ 𝐓𝐊 Where stories live. Discover now