✺ තුන්වන නේත්‍රා ✺

628 108 20
                                    


" යැයි යැයි තමා...ආඅ..!!..ආදි හිටපාන්...ඔතන පඩිපෙලලලලල....!!!!"

" ආහ්හ්හ්හ්..!!!"


ආආආ ඊලග අඩිය තියනකොටම වගේ මට තේරුනා මගෙ කකුල තියවුනේ නෑ කියල, ඒක තිබ්බ වගේම වේගෙකින් මගෙ ඉස්සරහින් පහළට වැටෙනකොට ,.මට ඒත් එක්කම වගේ ඇහුනෙ විහා යටිගිරියෙන් කෑගහනව...ඌ කෑගහනව පඩිපෙළ කියල..අනේ මේ පගයත්.. අඩිය තියනකල් හිටියනෙ ඕක කියන්න..මගෙ කකුල පඩියෙන් ඉස්සරහට වැටෙනකොට මට කෑගැහුන.

මේ ඉස්කෝලේ ඕන තරම් මම වැටිල තියෙනව බන්..ඒත් පඩිපෙළකින්.. ජීවිතේට නෑ.. මෙදාපොටේනම් දත් නැතුව තමා බත් කන්න වෙන්නෙ කියල හිතාගෙනම මම අතේ තිබ්බ කුනු කවරෙත් හයියෙන් අල්ල ගන්න හැදුව. ඒත් මොකක්ද කරුමෙකට කුනු කවරෙත් අතඇරෙනකොට තනි මම විතරක් පඩිපෙළෙ පල්ලෙහට පාවෙලා වැටෙනව වගේ මට දැනුන..හරි..!!!! කාළ හමාරයි...!!!

මම පල්ලෙහට පාවෙලා වැටුනට මම වැටුනෙ නෑ බන්.. බඩ වටේ ශක්තිමත් අතක් එතෙනකොට මගෙ අතුත් නිකම්ම මාව අල්ලගත්ත ඒ කෙනාගෙ හුරහිස් වල නතර උනා. මගෙ ඇස් තාම තදින් පියවෙලා.. තප්පර 5හ 6ක් ඇතුලත මේ වෙච්ච දේ මගෙ ඔලුව වටේ ලොකු කම්පනයක් විදියට කැරකෙනකොට දෙවියනේ මම වැටුනෙ නෑ නේද, කවුරු හරි මාව අල්ලගත්ත නේද කියලවත් හිතිල මට සන්සුන් වෙන්න බැරි උනා.

ටික වෙලාවක් අර විදියටම මාව අල්ලගත්ත එකාගෙ එකාගෙ හුරහිස් හයියෙන් අල්ලන් ඉදල මම ඇස් දෙක හිමින් හිමින් ඇරියා.. මට විශ්වාසයි.. මාව අල්ල ගත්තෙ විහා වෙන්න බෑ. උ හිටියෙ උඩ. එතකොට ඕමියයි, සතියයි වෙන්නත් බැ, උනුත් උඩ පන්තියෙ.. එහෙනම් මොකාද.. විකාර ගොඩක් ඔලුව වටේ කැරකෙද්දි මම මාව අල්ලන් හිටපු කෙනාගෙ මූන දිහා බැලුව..

කෝපි පාට දිගටි ගැඹුරු ඇස්.. මගෙ දිහාවට එක එල්ලෙ වැටිල තිබ්බා. මම එ කෙනාගෙ මූන ලගම හිටපු නිසාද කොහේ මට කෙලින්ම පෙනුනෙ එයාගෙ ඇස්.. ඒව මාර ලස්සනයි.... එයා කොල්ලෙක්..

" ඔයාට ප්‍රශ්නයක් නෑනෙ...? "

මම දියවුනාද මන්ද.. එයාගෙ ඇස් වගේම කටහඩත් පට්ට ගැඹුරුයි බන්..එයාගෙ ඇස් වල ලස්සනට වශී වෙලා හිටපු මම එයා මට කතා කරනවත් එක්ක ගැස්සීමක් එක්ක හරි සිහියට එද්දි, කවදාවත් කා ලගවත් නොවුන ගානට මම එයාගෙ ඒ හඩට අවනත උනා වගේ උනා. ඒ වගේම මට දැනුන කා ගාවවත් වෙලා නැති විදියට එයා ඉස්සර මගෙ කම්මුල් රත් වෙනව..මට මොකක් වෙලාද....!?

~ ස්වප්න නේත්‍රා ~  ✅Tempat cerita menjadi hidup. Temukan sekarang