✺ දහතුන්වන නේත්‍රා ✺

176 45 16
                                    

ආදි P.O.V

මම මහ මෝඩ කතාවක් බන් කිව්වෙ අභීට...දැන් පැයකටත් ලගයි..සල්මල් කඩන්න කියල ගිහින් තාම ආවෙ නෑ බන්..මට දැන් බයයිත් එක්ක.. එන්න එන්න කරුවල වැටෙනව බන්..වහින්න වගේ..මට බයයි බන්..උට මොකක් හරි කරදරයක්ද දන්නෙ නැ..අපේ මැනිකෙ දානෙට ඉව්ව බත් බැදගෙම ලග ගෙවල් වල ඉන්න වයසක අයට දෙන්න ගියා.. අරුන් ටිකත් ගියා උදව්වට කියල..දන්නෙ නැද්ද ඔව්න්ට ලකුණු දාගන්නනෙ ඕනි..

" අනේ මොකද කරන්නෙ මන්..."

මම ඔලුව බදාගෙන සෝෆ එකේ ඉදගත්ත..මට ගොඩක් බයයි බන්..උබල හිතනව ඇති මොකටද බය වෙන්නෙ කියල..ඌ කොල්ලෙක් නිසා..අනේ ඌ කොල්ලෙක් උනාට අපේ ගමට අලුත්නෙ බන්..අනේ මම මලක් ගැන කියල කරගත්ත දෙයක්..!

මට යන්න විදියකුත් නෑ බන් අම්ම ගේ බලාගන්න කියල ගියා..එහෙන් මම හොයන්න යන අතරෙ ඌ ආවොත්.. විහාල එනකල් ඉන්න වෙනව මොනා හරි කරන්න..උන් නම් උදව් කරයි...


" ආදි..."

මම එකපාරට ගැස්සිලා බැලුවෙ දොර දිහා...ආආආආ...ඌ ඇවිත් බන්! මගෙ අභී ඇවිත්! යකෝ මම කොච්චර බය උනාද..මුට කරදරයක් කියල..මලක් ඉල්ලපු එකට මම මටම වෛරකරගත්ත!

" අ-ආදි..ම්-මොකෝ බන් මේ..!?"

මම ආයෙ එක විනාඩියක්වත් බලන් හිටියෙ නෑ බන්! එහෙම්ම දුවල ගිහින් දොරකඩ හිටපු අභීව තව කරල බදා ගත්තා.! මට ඇඩෙනව බන්..මම කොච්චර බය උනාද..මුට කරදරයක් කියල..උගෙ බෙල්ල බදාගෙන මම උගෙ බෙල්ල මුල මූන ඇතිල්ලුව..*අනේ රත්තරනේ උබ නැති උන ටිකට මට දැනුන වේදනාව..*

" ආදි? ඇයි බන් මේ..ඒ උබ අඩනවද!?"

මම උගෙ බෙල්ල බදන් ඉන්නකොට ඌ ටික වෙලාවක් ඉදල ආදි කියන ගමන් මගෙ ඉනෙන් අල්ල ගත්තා..ඒ ගමන්ම වගේ ඌ කලබල උනා..මොකද මගෙ ඇස් කෙවෙනි වලින් වැටුන කදුලු උගෙ බෙල්ලට වැටෙනකොට උට තේරෙන්න ඇති බන්..ඌ මාව වේගෙන් ඈත් කරල මගෙ මූනට එබුනා..

" ආදි..ඇයි මේ..?"

ඌ මගෙ කම්මුල් අත් අතරට ගත්තා.. මම වචනයක් කිව්වෙ නෑ..උගෙ මූන දිහාම බලාගෙන හිටිය..මම දන්නව බන් මම උට පට්ට ලව් කියල..ඒත් ඌ දන්නෙ නැනෙ..ඌ එහෙම නෙවෙයිත් වෙන්නැති! ඒත් දැන් දැන් මට මූව පට්ටෙට ඕනි බන්..මම උට ආදරෙයි..එච්චර ආදරේ කරන එකාව මේ වැඩකට නැති මලක් නිසා මම මෙහෙම ගමනක් යැව්ව නේද කියල මතක් උනාම මට හයියෙන්ම ඉකියක් ගියා බන්..


~ ස්වප්න නේත්‍රා ~ 𝐓𝐊 Where stories live. Discover now