✺ දොළොස්වන නේත්‍රා ✺

539 83 21
                                    

උදේ 7 ට විතර මට ඇහැරුනා.. පෝය උනත් නිවාඩු දවසක්නෙ.. පුප උඩදාන් නිදාගන්න දවස් මේ.. මොකෝ ඉතින් අපි සිල්ගන්න යනවෑ.. උබල සිල් ගන්න යනවද බන්..?

අපේ කිරිආච්චි අම්ම එක්ක ඒ කියන්නෙ අපෙ අම්මගෙ ආච්චි අම්ම එක්ක දවසක් මමයි අපෙ කවී අයියයි ගියා.. ඒ අවුරුදු ගානකට කලින්.. ඒ ගියාට පස්සෙ තව අද වෙනතුරු සිල්ගන්න ගිහින් නෑ.. මේ ලගක් වෙනකල් අපේ ආච්චි අම්ම ඒ කියන්නෙ මගෙ මැනිකෙගෙ අම්මත් සිල් ගන්න ගියෙ නෑ.. හැබැයි දැන් උන්දැටත් රෑට ගොක් කෝල පේන්න අරගෙනද කොහේ හැම පෝයටම දැන් සිල් ගන්නව..මට මතකයි අපේ තාත්ත කියපු කතාවක්.. කරන්න තියෙන බලු වැඩ ටික ඔක්කොම කරල මිනිස්සුන්ට පුකෙන් යන්න තරම් නාකි උනාම තමා සිල් ගන්න මතක් වෙන්නෙ කියල.. මොනා උනත් සිරා කතාව නේ?

කොහොම හරි මමනම් අද නැගිට්ටෙ උදේම නැගිටින්න ඕන නිසා නෙවේ, අපේ ගෙදරට කට්ටිය ඇවිත් උයන්න. කුස්සියෙන් ඇහෙන සද්දෙට ගේම හෙල්ලෙනවා.. ඒ නිසා තමා මේ මටත් ඇහැරුනේ..

ඇස් පොඩි කර කර නැගිටල මම විනාඩියක් විතර හිටිය.. මල කම්මැලී යකෝ..

දෙපාරක් තුන්පාරක් පෙරලෙන්න ගිහින් බොහොම අමාරුවෙන් නැගිටල හිටගත්ත.. ටවල් එකත් අරගෙන මම කාමරෙන් එලියට ආවා.. කුස්සිය පැත්තෙන් බාතෲම් එකට යන්න බෑ කුස්සියෙ ගමේ පොලට ඇවිත් වගේ සෙනග.. ඒ නිසා මම ඉස්තෝප්පුව පැත්තෙන් එලියට ගිහින් ඉස්සරහ පැත්තෙන් ගියා... එලියෙ ටැප් එකක් හදල තියෙන්නෙ, සිමෙන්ති දාල, ශවර් හයි කරල, එතන ලොකු බැරල් එකකුත් තියේ.. 24පැයේම ඒක පුරෝල තියෙන්නෙ.. මම බුරුසුවට දත්බේත් දාගෙන එතනට ගියා.. සබනුත් එතන තිබ්බ නිසා මම එතනින් මූන හෝදගෙන ආයෙ ගෙට ගිහින් මගෙ කාමරේට ගියා...

කාමරේය ගියපු ගමන් මම පෝන් එක අරගෙන අපේ සෙට් එක ඉන්න group එකට මැසේජ් එකක් දැම්ම.. ඒකෙ ඉන්නෙ මමයි, අභියි.. යකෝ අභී කියනකොට මතක් උනේ පොර තාම බුදිද දන්නෙ නෑ... කමක් නෑ කමක් නෑ.. අද ඕකව නොදැක්ක ගානට ඉන්න ඕනි... දැන් මොකක්ද කිය කිය හිටියෙ.. මමයි ,අභියි, විහායි, ඕමියි, සතී.. අපි සෙට් එක..














ශෝටකුයි ටී එකකුයි ඇදගෙන මම කුස්සිය පැත්තට ආවා.. දානෙ නෙවෙයි මොකක් උනත් මගෙ කිරි එක අපේ මැනිකෙ දෙනව කියල දන්න නිසා බය නෑ.. මම එලියට යනකොට අපේ ආච්චියිවයි, ආතවයි දෙන්නම දැක්කෙ නෑ.. දෙන්නම පනසල් යන්න ඇති...

~ ස්වප්න නේත්‍රා ~  ✅Where stories live. Discover now