✺ පස්වන නේත්‍රා ✺

308 65 7
                                    


අර හැන්සම් කුමාරය ගැන හිත හිතම මම ගෙදරට ආව.. විහා මගදි උන්ලගෙ ගේ ගාවදි නැවතුනා .. මම ඉතින් එක කරකින් බෑග් එකත් එල්ලගෙන අනිත් අත කලිසම් සාක්කුවට දාගෙන අරය ගැන හෙනම මනෝපාරක් ගහගෙන ආවෙ..

අපේ ගෙදරට යන්න පාරෙ ඉදන් ගල් වලින් හදපු පාරක් තියෙනව.. මම දැන් ඕක දිගේ ගියෙත් බන් අරය ගැන හිත හිත.. කොහොමහරි මම අපේ මිදුලට පය තිබ්බමයි දැක්කෙ රතු පාට ටීවිල් එකක් නවත්තල තියෙනව..

මේ වෙලාවට කවුද එන්නෙ..? ඕව හිත හිත මම ගේ දොරකොඩ පැත්තට ගියා. අපෙ ආත් එක්ක කවුද මිනිහෙක් කියෝ කියෝ ඉන්නව.. මම එයාවනම් දන්නෙ නෑ, මම එහෙම්ම ආතටත් අත වනාගෙන ගේ ඇතුලට ගොඩ උනා..

යකෝ ලෝක පුදුමයක්.. සාමාන්‍යෙන් බන් මම ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගෙට ගොඩ වෙනකොට අපෙ සුදු මැනිකෙ එනව ඉස්සරහට.. ඒත් අද නෑනෙ බන්.. අපෙ සුදු මැනිකෙට එහෙම මම එන වෙලාව ඒම අමතක වෙන්නෙත් නෑ.. කෝමහරි මම ඕව හිත හිතම ගේ ඇතුලට ඇවිත් වට පිට බැලුව..ම්ම්හු..කවුරුත් නැනෙ බන්..

" ආ සුදු මහත්තය ආවද. ?"

මම වට පිට බල් බල මගෙ කාමරේ පැත්තට යනකොට කුස්සිය පැත්තෙ ඉදන් අපේ ආච්චි අම්ම ආව..

" ඔව් ආච්චි අම්මා..කෝ සුදු මැනිකෙ..ඇයි පේන්න නැත්තෙ..?"

" ආන් ලොකු ලමයගෙ යාලුවෙක් ඇවිල්ල.. එයා එක්ක කයිය ගගහ අර තේ හදන්නෙ..සුදු මහත්තයත් ඔහොම්ම ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න තේ බොන්න.."

එහෙම කියාගෙන අපේ ආච්චි අම්ම ආයෙ හැරිල කුස්සියට ගියා. අපේ ආච්චිගෙ ලොකු ලමය අපෙ අම්ම නිසා තමා ලොකු ලමය කියන්නෙ.. අපෙ ආච්චිට ලමයි 3ක් ඉදල .. ඒත් චූටි පුංචි ඒ කියන්නෙ අපෙ අම්මගෙ 2 නි නංගි පුංචිකාලෙම ලෙඩල් හැදිල නැතිවෙලා.. අවුරුද්දක්වත් ඉදල නෑ බන්..අපේ ගේ ගාවම තමා චූටි පුංචිව වලල තියෙන්නෙ..

කාමරේ ඇරගෙන ඇතුල ඇවිත් මම දොරත් වහගෙන ඇදුම් ටික ගැලෙවුව.. මම දැන්ම නාන්නෙ නෑ , දැන් නෑවොත් සෙල්ලම් කරන්න නැනෙ.මම හැම දාල ඉස්කෝලෙ ගිහින් ඇවිත් පැයක් සෙල්ලම් කරනව..ඒ හැටි..සෙල්ලම් ඉතින් ඒ පැයට විතරයි.. ඒ නිසා ගෙදර අය මොකුත් කියන්නෙත් නෑ.. අද කවී අයිය නෑ එයා ගිහින් පන්ති..

~ ස්වප්න නේත්‍රා ~ 𝐓𝐊 Where stories live. Discover now