හතලිස් හයවන හිමිවීම 💙

1K 175 50
                                    

Congratulations!! You Did It

පොඩි සටහනක් එක්ක මේසය උඩ තිබුණ සරල චාම් නමුත් රසවත් පෙනුමැති කේක් ගෙඩියත්..... සුදු පාට රැපින් පේපර්ස් වලින් හැඩ ගන්වලා තිබුණු  ලා රෝස පැහැති පින්ක් බ්ලශ් රෝස මල් සහ සුදු පාට ලිලී මල් වර්ගයකින් සැකසුණ මල් පොකුරත් දැක්ක සනුත්ට ඉහළට ඇදගත්ත හුස්ම පහළ දාන්න අමතක වුණා........

ඒක ඇත්තටම හරිම ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ඇත්තටම හරිම ලස්සනයි.... සනුත්ට විතරක් නෙවේ මේක ලියන මට වගේම මේක කියවන ඔයාගේ වුණත් හුස්ම එක තප්පරේකට බ්‍රේක් කරවන්න පුළුවන් විදියේ අමුතුම චාම් ලස්සනක් ඒ මල් පොකුරෙන් දිස්වුණා......

"වෝහ්හ්හ්හ්හ්......."

සනුත්ගේ පිටිපස්සෙන් ඇවිත් උරහිස වටා අතක් යවමින් බෙල්ලේ එල්ලුන මනුල්මිගේ ඇස් දෙක ලොකු වෙලා විශ්මාජනක රාවයක් මුවින් පිට වුණේ මනුල්මිටත් නොදැනීමයි.......

"..... ග්ලප්.......ස......නුවෝ....."

"ම්ම්ම්....."

තඩි කෙල උගුරක් ගිලපු මනුල්මි සනුත්ගේ කනට කෙඳිරුවා...... ඊට නොදෙවෙනි හූමිටියකින් සනුත් ඊට පිළිතුරු බැන්දේ තවත් මල් පොකුර දිහාම ඇස් අලවගෙන.....

"කවුද ඒයි මේ??? "

"දන්නේ නෑනේ....."

"දන්නෑ කියන්නේ යකෝ.... උඹේ ටේබල් එකේනෙ තියෙන්නේ.......

"කවුද උඹට මෙච්චර වටින තෑග්ගක් එවන්න ඉන්නේ සගෝ...."

"................"

"ශහ්.... අද සනුත් මල්ලිගේ උපන්දිනේවත්ද..... ලස්සන කේක් ගෙඩියක් තෑගි හම්බ වෙලා තියෙන්නේ..... "

සනුත්ගේ මේසයට එබුණු කාර්‍යාල සගයෙක් එහෙම කියද්දි සනුත් ස්මයිල් ඉන් පේන් ජාතියේ හිනාවක් දැම්මා.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now