හතලිස් හතරවන හිමිවීම 💙

1K 160 71
                                    


"මම.....අහන්නේ..... එකම එක .... දෙයයි..... එතනින් එහාට.... මම ආයේ  .... පස්සෙන් ..... එන්නේ.... නෑ..... සුදු.... අයියේ...... ඇයි...... මාව  දාලා..... ගියේ......මාව.... එපා ..... වුණේ.....ඇයි..... මගෙන්..... වෙච්ච අඩු....පාඩුව..... මොකද්ද......."

"............."

ආපහු හැරිලා සනුත් දිහා බලපු මහිත්ට එදා වගේම අදටත් තවමත් ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් තිබුණේ නෑ...... සැණෙකින් ආයෙම හැරුණු මහිත් ඉක්මණ් ගමනින් ඇවිදගෙන ගාලු පාර දිහාට ගියේ නිහඬවමයි......

"මෙච්චරටම මාව අසරණ කරන්න එපා යකෝ..... මම මොන වැරැද්දක්ද කලේ...... උඹට ඕන ඕන වෙලාවට එනවා...... උඹට ඕන වුණ ගමන් දාලා යනවා...... මගේ ජීවිතේ අම්බලමක් නෙවේ....... නිකමට හිතුවද මට දැනෙන්නේ මොනවද කියලා ...... අඩු තරමේ මම කරපු වැරැද්ද කියලා පලයන්..... මට මගේ හිත හදා ගන්නවත්...... සැරින් සැරේ ඇවිල්ලා කටු ඇනලා යන්නේ මම ගලක් කියලා හිතාගෙනද..... මාත් මනුස්සයෙක් මහිත්...... මාත් උඹ වගේම ලේ නහර වලින් හැදුණ ගැහෙන පපුවක් තියෙන මනුස්සයෙක්...... ඇයි.....බ....ං...."

නිහඬවම තමන්ට පිටුපාලා යන මහිත් දිහා බලාගෙනම සනුත් කෑගැහුවේ අවට ඉන්න මිනිස්සුන්ගේ අවධානය තමන්ට යොමු වෙන එක ගැනවත් නොසලකා....... මහිත්ගෙන් අහන්න හිතේ දහසකුත් දේවල් තිබ්බත් ඒවගෙන් අංශුවක් විතර වචන විදියට එළියට පනිද්දි සනුත් ආයෙමත් ඇතුළාන්තයෙන් බිඳෙමින් උන්නා......

ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now