තිස් නමවන හිමිවීම 💙

990 171 40
                                    

බීප්.....බීප්...... බීප්......

ආයෙමත්..... වෙව්ලන  ඇඟිලි තුඩු පුලුවන් තරම් පාලනය කරගන්න උත්සාහ කරන ගමන් සනුත් ආයෙමත් මහිත්ගේ අංකය නාද කළා...... තප්පර හතලිහක් තිස්සේම නාද වුණ දුරකතනය ආයෙමත් බීප් බීප් හඬ නංවමින් නිහඬ වුණා......

සනුත් හිටියේ සෙනඟ පිරුණ 138 බසයේ කිටි කිටියේ තද වෙලා...... කොට කොටා හෙමි හෙමින් ඇදෙන බස් රථය ගමනාන්තයට ළං වෙනකම් කාලය ගත කරන්න ඕන නිසා මුහුණු පොතේ සැරිසරන්න හිතාගෙන දුරකතනය අතට ගත්ත මොහොතෙදියි සනුත් මහිත්ගේ කෙටි පණිවිඩය දැක්කේ......

ඒ දැකපු මොහොතේ ඉඳන් මුලින්ම සනුත්ට දැණුනේ නිර්වින්දිත ගතියක්..... කිසිම දෙයක් නොදැනෙන ගාණට මොළේ හිරි වැටුණ ගතියක්....... මහිත්ගේ කෙටි පණිවිඩයේ තිබුණ අකුරක් අකුරක් ගානේම කියවද්දි ඊළඟට අර හිරි වැටුණු ගතිය මඟ ඇරිලා ටිකෙන් ටික කඳුළු අංකුර දාන්න පටන් ගත්තා......

කඳුළු වලින් බොඳවෙලා දුරකතන තිරය නොපෙනී යන වාරයක් පාසාම පිටි අල්ලෙන් දෑස් පිසදා ගනිමින් සනුත් දිගින් දිගටම මහිත්ගේ අංකය ඩයල් කළා ......

ප්ලීස් ..... ප්ලීස්.... ප්ලීස්..... පික් අප් ද ෆකින් ෆෝන්.... ඩෑම්න්.... අයියේ.... ප්ලීස් .... පික් අප් ද ෆෝන්... 

ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති බස් රථයේ සෙනඟ අතර තෙරෙපෙනවා කියලවත් වගක් නැති සනුත් තමන්ටම මුමුණගත්තේ මේක හීනයක්.... තමන් දකින නරකම හීනයක් වෙන්න කියලා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ට හිත යටින් ආයාචනා කරමින්......

.
.
.
.
.
.
.

"සනූ....."

"................"

"සනූ......"

"ඕයි සනුවෝ......"

"ආහ්......මනූ....."

"මොන සිහියෙන්ද බං ඉන්නේ ..... මං කී පාරක් නම් කතා කලාද......"

"මනූ......"

විවේක කාමරයේ පුටුවක වාඩි වෙලා දුරකතනය දිහාම බලාගෙනම ඉන්න සනුත්ට කීප වතාවක්ම කතා කරළත් ප්‍රතිචාරයක් නැති නිසාම මනුල්මි සනුත්ගේ උරහිසින් අල්ලලා සෙලෙව්වා......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now