අවසානයේ ප්‍රතික්ෂේප ඌ මංගල්ලය මහේශ්මති රාජ්‍යය උත්සවාකාරයෙන් සමරන අතර විශ්වනාථ් සහා පාර්තිභාන් අබුසැමියන් ලෙස යුගදිවියට පා තබනවා. පාර්තිභාන් ගේ කීම මත පද්මාදේව් ද මහේශ්මති රාජ්‍යයේ නවතතිනවා.

කාල වවැමෙන් මාස හයකට පසු දේව ආශිර්වාදයක් හේතුවෙන් පාර්තිභාන් ගැබ් ගන්න අතර මෙම කරුන සැල ඌ මහේශ්මති ජනයා එය උත්සවාකාරයෙන් සමරනවා. එමෙනම මේ කරුන සැල වූ විශ්වනාථ් තම බිරිද වූ පාර්තිභාන්ව ඉතාම ප්‍රවේශමෙන් බලාගන්නවා.

පාර්තිගේ මානයෙන්...

මන් හිටියේ රාජමාලිගාවේ උයන අසල එතනින් පිටව යන මාගේ සවන් වලට ඇසුනේ දඩුවස්නාවක හඬක්. ඒ නාදය අපගේ කුලදෙවියන් වෙනුවෙන් වයන නාදනයක් නමුත් මාලිගාවේ අවේලාවක උයනේ දඩුවස්නාවක් වාදනය කරන මේ වාදකයා පිලිබඳ ඇති වූ කුතුහලය හේතුවෙන් මම ඒ හඬ ඇසෙන පෙදසට ප්‍රවේශමෙන් ලන් උනා. නැතිනම් ඔබේ පියා මගේ හිස වෙන් කරනවා කදින් ඔහුගේ පුත්‍රයා ගැන ප්‍රවේශම් නැතැයි කියා. මම ගසක් ලඟ නතර වූවා. ඒ හඬ ඇසෙන්නේ ගස් මුදුනෙන් ඒත් කවුරුන්ද?

මම ගසේ මුදුන දෙස බලන විට දුටුවේ හැමවෙලේම අනාගත සේනාදිපතිට සරිලන ඇදුමෙන් සිටින ඔහු හාත්පසින් වෙනස්   නීල වස්ත්‍රයෙන් සැරසුන මාගේ මස්සිනා ජගන්නාත්. ඔහුයි දඩුවස් වයන්නා. එය මදුරයි. සිත නිවනවා.

"පාර්ති...ඔබ කුමක්ද මෙහි කරන්නේ??

මම ගැස්සුනා මගේ පිටි පස්සෙන් ඇහුනේ විශ්වනාථ්ගේ හඬට මම ඔහු දෙස බැලුවා.

"ශිව්..අර... "

"ජගන්...ඔහු එසේ තමයි පාර්ති ඔහුගේ නිවීම ඇත්තේ සංගීතය ලඟයි... "

"නමුත් ඔබලා....ශිව භක්තියන් නොවේද විශ්ව..."

"නිවැරදි...අපි ශිව භක්තියන් නමුදු විශ්නු දේවියන් ඇදහිමට තහනමක් නෑ...පාර්ති..."

මා විශ්වනාථ්ගේ අත් අතරට තුරුල් වෙමින් ජගන්නාත්ගේ දඩුවස්නාව අසා වුන්නා. ඒ හඬට මා පමනක් නොව විශ්වනාථ් මෙන්ම මා කුස තුල වූ කුඩා විශ්ද ප්‍රිය කලා.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now