තිස් හත්වන හිමිවීම 💙

989 159 36
                                    

"මොනවද මේවාගේ තේරුම..... මම දරුවෙක් කියලා හදලා තියෙන්නේ මේ වගේ මානසික ලෙඩෙක්ද......"

...................................................................................

පර්සි මුහුණට දමලා ගහද්දි දෙපා මුලට වැටුණ ඒ4 කොළ ටික ඇහිඳලා අතට ගත්ත මහිත්ගේ දිව ගොළු වුණා...... ඒ හැම කොළයක්ම පිරෙන්න මුද්‍රණය කරලා තිබුණේ තමන්ගේත් සනුත්ගේත් පින්තූර වෙනකොට...... සනුත්ව දෙපා අතර හිර කරගෙන මුහුදු වෙරළේ වාඩි වෙලා ඉන්න හැටි..... සනුත්ව වත්තම් කරගෙන බෙහෙත් ගන්න අරගෙන යන හැටි...... වෙනකක් තියා පහු වුණු දවසක සනුත්ව බැංකුව ළඟින් ගන්න ගියපු වෙලාවේ..... කාර් එක ඇතුලෙදි කම්මුලකට තියපු හාදුවක් පවා මේ කඩදාසි වල ලොකුවටම මුද්‍රණය වෙලා තියෙනවා දැක්ක මහිත්ට හුස්ම නවතින්න ආවා.......

"ම්....මේ......මේ...ව්...වා....."

චටාස්.......

මහිත්ට වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියාම පර්සි ගෙන්  අත පුරවලාම ලැබුණු කම්මුල් පාරට මහිත්ට වාරු නැතුව ගියා.......

ඇස් දෙක නිලංකාර වෙනවා වගේ දැනුණු හැඟීම මකාගන්න ඔලුව දෙපැත්තට ගසපු මහිත්ට කට ඇතුලෙන් උණුසුමක් එක්ක මලකඩ රහක් දැණුනා.......

"උඹ මොන විදියක මානසික රෝගියෙක්ද.......... උඹට මොනවයින්ද අඩු පාඩු...... ඉල්ලන ඉල්ලන හැමදේම...... අතට පයට දුන්නා......උඹට ජීවිතේට කන්න අඳින්න අඩු පාඩුවක් වෙලා තියෙනවද..... බලපන් කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා උඹේ පෙනුම...... රාජ කුමාරයෙක් වගේ ඉන්නවා....... පරම්පරා හතකට ජීවත් වෙන්න සල්ලි හම්බවෙන බිස්නස් එකක් අත් දෙකටම දීලා තියෙනවා...... ඉන්න මාලිඟාව වගේ ගෙදරක්...... යන්න එන්න වාහන..... හිත පිරෙන්න වියදම් කරන්න හැම කාඩ් එකකම සල්ලි...... හෙට අනිද්දා කසාද බඳින්න බෝනික්කියක් වගේ කෙල්ලෙකුත් ඉද්දි...... උඹට මොනවද අඩු.... ඈ යකෝ.......කතා කරපන් මහිත් මාව යකා නොකර..... උඹට මොනවා මදි වෙලාද මේ කොල්ලෙක් එක්ක හැ****න්න තියාගත්තේ....... කතා කරපිය......"

චටාස්..... චටාස්..... චටාස් ......

එක දිගට තවත් අතුල් පාරවල් කීපයක්ම කම්මුල් දෙක පුරාම වැදුනේ..... කට ඇතුලේ කම්මුල් බිත්ති පුපුරලා උණුම උණු ලේ ගලද්දි......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now