මේක තමයි මං මේ ලෝකේ විදින්න ආසම හැගීම.

රුසියානු කතුවරයෙක් වුන ලියෝ තොල්ස්තෝයී ගෙ පොතක තිබුනා කතාවක්. එක හංස රෑනන්  එක රටක ඉදලා තවත් රටකට පියාබන ගමන්ලු උන්නෙ. උන්ගෙන් එක තරුණ හංසයෙක්ට ටිකක් වෙලා යද්දි තේරිලා තමන්ට තවදුරටත් අනෙක් අය ගානට පියාබන්න ශක්තිය මදියි කියලා. ඉතින් එයා හිතාගත්තලු ටික වෙලාවක් නැවතිලා ඉදලා ඊලග දවසෙ උදේන්ම ආයෙමත් පියාඹලා තමන්ගෙ ගමන යනවැයි කියලා.

දියට බසින...
කලට උරුව...
රුවට රුවය...නගන යුරුව...
පාන ලෙසින...පාද නඟන...
පාවී.......පාවී...පාවී...

ම්හුක්... ස්ටෝරි ටයිම් ඉස් ඕවර්.
ලා නිල් පාට බැගී කමිසෙට ක්‍රීම් පාට කොට කලිසමක් ඇදන් ඉන්නු මං නැටුම අහවර කරලා ජනේලෙන් එපිට ඈත කදු අතරින් නැගෙන හිරු දිහා බලාන ආයෙම ඇස් පියවලා දොහොත් මුදුන් දීලා බුදුහාමුදුරුවන්ව වගේම මහ ශිව දෙවියන්ව සිහිපත් කලා.

ඊයේ වලව්වට ආපු වෙලේ ඉදන් මහ රෑ වෙනකන් ආදි ගොනා මට පලුයන්න බැන්නා වෙද්දි වැරැද්ද මගෙයි කියලා දැනන් ඉදිය නිසා මං එකට එක නොකියා බිම බලන් උන්නා. අන්තිමේ අර වට්ටක්කා හාමුවා ඉදියෙ නැත්තං අර අවලම් බිලාලයා මගේ කනත් පලලා ලුනුත් දාලා. ඒ අස්සෙ කනක් පලලා ලුනු දාන හැටි මැවිලා පෙන්ද්දි මට කැරකිල්ලටත් ආවා.

මොනවා උනත් වට්ටක්කෙ හොද එකා අනේ. එයා උසත් එක්ක අර බිලාල හාමු වගේ නෙමෙයි. කමන්නෑ ආදී උබ නටපම්කො ඉතිම් දැන් මං වලව්වෙ මැණිකෙ වුනාට පස්සෙ මගේ බහට පිටින් යන්න වෙන්නෑ ඔහෙට.

මේකුන්ගෙ නාඩගම් නිසා මට සියොත් මල්ලි ගැනත් කල්පනාව නැතුව ගියා. අනේ පොඩි එකා හොදින්ද දන්නෑ. ඊයේ හවස්කරේ ඒකා බංගලාවෙදී සිහි නැතුව වැටෙද්දි මට දැනුනෙ පුදුමාකාර බයක්. අනේ මගෙ පොඩි එකා යහතින්නම් එච්චරයි.

"සුදු පුතා..."

"දොර ඇරලා තීන්නෙ ඇතුලට එන්න ආන්ටි..."

අහිංසා ආන්ටි දොරට ගහනවා ඇහෙද්දි මං කනේ ගහන් උන්නු බ්ලූටූත් දෙක ගලවලා නිදන් උන්නු ඇද පිලිවෙලකට හැදුවා.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now