ඇඳුම් ටික එහෙන් මෙහෙන් පටලවා ගත්ත මහිත් දුරකතනයයි වොලට් එක.... සපත්තු දෙකත් අතට අරගෙන කාර් එකට ආවේ වේගවත් අඩි තියමින්...... හිරු එළියක්වත් නොවැටුනු හිමිදිරි පාන්දර කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට නම් හරිම සාමකාමී වෙලාවක් වුණාට...... මහිත්ට ඒක එහෙම උනේ නෑ.....
කාර් එකට ගොඩ වුණ මහිත් සනුත්ට ඇමතුමක් ගන්න ගමන්ම වාහනය පාරට දැම්මා......
"ශිට්...."
වතාවක්.... දෙවතාවක්.....තුන් වතාවක්..... දිගින් දිගටම ඇමතුම් ගත්තත්..... දුරකතනය දිගටම නාද වුණා මිසක් ඉන් එක ඇමතුමකටවත් සනුත් සම්බන්ධ වුණේ නෑ.....
මහිත්ගේ මනස මේ වෙලාවේ යක්කු නටපු පිටියක් වගේ වෙලා තිබුණේ..... සහෝදරියකට වගේ සලකපු මිතුනිට තමන්ගේ අතින් සිද්ධ වුණ වැරැද්ද..... කොයිම විදියකින්වත් ආයේ අනිත් පැත්ත හරවන්න බැරි විදියේ වැරැද්දක්.... අනිත් පැත්තෙන් සනුත්ට ද්‍රෝහී උනා කියලා යටි හිත සැරින් සැරේ ඇන ඇනා කියද්දි..... මහිත් උන්නේම පිස්සෙක් ගාණට.... දෙතුන් වතාවක්ම මං තීරුවෙන් පිට පනින්න ගියපු වාහනය අවසන් මොහොතේ අහට මෙහෙට කපලා බේරුණේ බොහොම අමාරුවෙන්.......
තවමත් වෙලාව උදේ හයයි ගාණක්..... සනුත් තවම වැඩට යන්න පිටත් නොවුණු බව දන්න නිසාම මහිත් පුලුවන් තරම් කෙටි පාරවල් ම හොය හොයා රිය පැදෙව්වේ හැකි ඉක්මණින්ම සනුත්ව බලන්න...... සනුත්ට ද්‍රෝහි වුණාය කියන කාලකණ්ණි සිතුවිල්ල මොහොතකට යට ගහපු මහිත්ට සනුත්ගෙන් සමාව ගන්න ඕන වුණා.....
ඊටත් වඩා...... මේ වෙලාවේ ඇවිලෙන මහිත්ගේ පපුව සනුත් ළඟදි නිවාගන්නයි මහිත්ට ඕන වුණේ.....
පැය භාගයක් ගත වෙද්දි ඇනෙක්සියේ දොරකඩ නතරවුණු කාර් එකෙන් බැස්ස මහිත් නිරුවත් දෙපයින්ම කෙලින්ම දුවගෙන ගියේ අඩක් විවරව තිබුණ ඉදිරිපස දොර දිහාට.......
"සූකිරි......."
.......................
"සනූ...... ආහ්හ්හ්......"
අඩක් විවර වුණ දොරෙන් එන හිමිදිරි අරුණෝදය හැරුණු කොට වෙනත් ආලෝකයක් නොවුණු තැන විසිත්ත කාමරය තිබුණේ අඩ අඳුරේ....... නිහඬතාවය රජයන නිවසේ අඳුරේ අත පත ගාමින් විදුලි පහන දල්වන්න ස්විචය හොයමින් අඩිය තියපු මහිත්ගේ යටි පතුලට දැඩි වේදනාවක් දැණුනා......