" ඔහොම ටිකක් නිදාගන්න දරුවෝ...." මෙතුල මිමිණුවේ ටිකක් විතර නොසන්සුන් ගවීෂ්ගේ ඔළුව පරිස්සමට අතගාන අතරේ......සුදු මාමගේ කටහඩ බැරෑඩිවෙලා... දැන් සන්සුන්ව පැත්තකට වෙලා ඉදියට මොකද, ගවීෂ් අනුමාන කරන විදියට පැය දෙකකට වැඩි කාලයක් බොඩි එක අයින් කරනකන්ම එයා චූටි මාමව බදාගෙන ඇඩුවා...ගවීෂ් ජීවිතේට දැකලා නැති තරමට ඇඩුවා... අඩුම අවී මාමාට පවා කන්ට්‍රෝල් කරගන්න බැරි තරමට....

ගවීෂ් පවා තාමත් ඉන්නේ චූටි මාමා ගැන විනිශ්චයක් දෙන්න බැරුව... ඒක නිකන් සංඛ්‍යාතය අදුරගන්න බැරි විදියක කම්පනයක් වගේ වේඝර්ණලා හැමෝටම... සුදු මාමා විතරක් නෙවේ, ප්‍රිවිරුත් තවමත් ගල් බැම්ම උඩ ආශදීගේ උරහිස උඩට ඔළුව තියන් ඉන්නේ ඒ විදියෙම කම්පනයකින්..... ඒක මොන විදියේ බර හැගීමක්ද කියලා ගවීෂ් හිතන්නවත් බය එකක්... කලින් ගවීෂ් අරවින්ද් දෙන්නා චූටි මාමගේ යොරෙස්ලාගෙන් ප්‍රශ්න කරන වෙලාවේ ප්‍රිවිරු ආශදීව බදාගෙන ඉකිගැහුව විදිය ගවීෂ් හොදටම දැක්කා... ඕනෙම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැන තියාගන්න බලාපොරොත්තුවල බර, තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ප්‍රිවිරුටත් දැනෙන වෙලාවක එයාම නොහිතුව තරම් ක්ෂණික අවසානයක් ?? ගවීෂ් සුදු මමාව බදාගෙනම ආයේ උකුල උඩ හරි බරි ගැහුනේ වරදකාරී හැගීමෙන්.... සමහර විට, එයාම උනත් හිතුවේ නැහැ ඒක ජීවිතයක් අහිමි වෙන තරම් දුරක් යයි කියලා.... සමහර විට මේක මීට වඩා හොද විදියකට විසදෙන්න තිබුනද ?

" ඇයි මගේ දරුවෝ ? "

" අමුතු බයක් දැනෙනවා..." ගවීෂ් මිමිණුවේ මෙතුල කොල්ලව උකුල උඩම තුරුල් කරගෙන නිදහස් අතින් ඔළුව අතගාද්දි.... එක අතකින් මෙතුල මේ කොල්ලව උකුලට ගත්තෙත් කොච්චර කාලෙකට පස්සෙද.....

" මියුන්ට ඉක්මනට සිහිය එයි.."  මෙතුල උත්තර දුන්නේ සන්සුන්ව.....

" හ්ම්...."

" ඇයි එයා අක්කව මැරුවේ ගවීෂ් ? ඇයි යුවනිදු ? ඇයි මෙහෙම කළෙ ?  මොකක්ද එයාට තිබ්බ හේතුව ? " සුදු මාමාගේ කටින් පිටවුනේ බර හුස්මක් එක්ක.... ඒ කටහඩ ආයෙම බිදිලා ගිහින්... සමහර විට කළකිරිමෙන්... එහෙම නැත්තන් සමහර විට වේදනාවෙන්....

- Plot 23 -Where stories live. Discover now