විසි හයවන හිමිවීම 💙

1K 166 28
                                    


සනුත් හිටියේ කොස්සත් කරේ තියාගෙන ගේ අස් කරන්න හොඳ සිංදුවක් තෝරන ගමන්...... කොහොමත් සනුත්ගේ මියුසික් ටේස්ට් එක හරිම ඊස්තටික් වයිබ් එකක් නිසා හැම සිංදුවම අහන්න සනුත් කැමති නෑ.....

යූ ටියුබ් එකේ ඉහළ පහල ගියපු සනුත් ඊළඟට තෝරගත්තේ තරිඳු දම්සරගේ ගීත එකතුව.....  බ්ලූටූත් ස්පීකරයට දුරකතනය සම්බන්ධ කරපු සනුත් ඊලඟට මාසයක් තිස්සේ වහලා තිබ්බ නිසා දූවිලි වැදිලා අපිරිසිදු වෙලා තිබුණු ගේ කෙළවරක ඉඳන් අස් කරන්න ගත්තා......

...................................................................................

Brr..... Brr.....

සෑහෙන වෙලාවක ඉඳන් වයිබ්‍රේට් වෙන දුරකතනයේ තිරය දිහා කොස්සට බර දීලා හිටගත්තු සනුත් බලාගෙන හිටියේ කල්පනාවෙන්..... මහිත්ගෙන් පිට පිටම ඇමතුම් කීපයක්ම ආවත් සනුත් තවම කල්පනා කරමින් ඉන්නේ ෆෝන් එක ආන්ස්වර් කරනවද නැද්ද කියන කාරණේ.....  දවාලේ දුම්රිය ස්ථානයේ රස්තියාදු වෙන්න වුණු එක ගැන සනුත් ඉන්නේ කේන්තියෙන්.....

"............................"

"හෙලෝ..... සූකිරි.... අනේ සොරි බබා...."

"....................."

"හෙලෝ..... ඇහෙනවද බබා....."

අන්තිමට දුරකතන අතට අරන් ඇමතුමට සම්බන්ධ වුණු සනුත් නිහඬවම හිටියේ කේන්තිය මහිත්ට අඟවන්න වගේ......

"කන් ඇහෙනවා මගේ... කියන්න... ඇයි කතා කලේ...."

"අහන්නකෝ මැණික....... ඉස්සෙල්ලා කියන්නකෝ කොහෙද ඉන්නේ කියලා..... මං දැන් එන ගමන්...... ගෙදර නේද ඉන්නේ සූකිරි....."

"ඇයි දැන් මොකටද එන්නේ..... මොකා බලන්නද දැන් එන්නේ..... අනේ මේ අයියේ.... උදේ ඉඳන් හිටපු තැනකට වෙලාම ඉන්නවද ......"

මහිත්ගේ අහද්දි සනුත් උත්තර දුන්නේ හිතේ තිබ්බ දුක තරහා ඔක්කොම මිශ්‍ර හැඟීමකින්.....

"හරි හරි සූකිරි..... මට සමාවෙන්නකෝ සුදු මැණික..... අයියා දැන් එන ගමන්නේ.... කාලද ඉන්නේ.... කන්න ගේන්න ඕන මොනවද......"

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now