විසි තුන්වෙනි හිමිවීම 💙

959 168 55
                                    

දවස් ගතවෙන්නේ හරිම හෙමින් කියලමයි මහිත්ට හිතුනේ............ සනුත් ගමේ ගියත් හරි ආයෙම ගෙදර පාළු ජීවිතේට වැටෙන්න වුණු නිසා මහිත් හිටියේ හරි හිතේ නොසන්සුන් කමකින්..... දුරකතන ඇමතුම් වලින් දිනපතා කතා බහ කලත්..... මාස ගාණක් එකටම ඉඳපු පුරුද්ද නිසා..... උදේට සනුත්ගේ කටහඬ නෑහෙද්දි..... හරි හිස් හැඟීමක් මහිත්ට දැනුණා....

මුල්ම දවස් ටිකේ විභාගයේ ප්‍රධාන විශයන් දෙකක්ම අවසන් වුණු නිසා...... ලැබුනු දවස් කීපයක නිවාඩුව මහිත් හිටියේ ආයෙමත් ක්ලබ් අස්සේ රිංගගෙන..... වෙනදා තරම්ම නැතත්.... හීනියට බියර් එකක්..... කෝක්ටේල් එකක් වගේ වැඩිය සැර නැති බීමක් බීලා.... රෑට රෑ වෙලා ගෙදර ආවෙම..... සොහොන් පිට්ටනියක් වගේ ගෙදර පාලුව දරා ගන්න බැරි නිසාමයි........ හැබැයි ආයේමත් Club 8 එක පැත්තේ අඩියක්වත් තියන්න මහිත්ට නොහිතුනේ.... සවින්ද ගැන හිතේ තිබුණු කහට පිරුණු හැඟීම තවම මැකිලා නැති හින්දායි.........

පහුගිය කාලේ පුරාවටම නිකිත්ව උනත් මහිත්ට මගෑරිලා තිබුනේ නිකිත් අධ්‍යන කටයුතු වලට කාර්‍යබහුල වුණ නිසා වගේම මහිත් සනුත්ගේ අස්සේ දැවටෙන්න වුණ නිසයි..... විභාග ශාලාවෙන් මුණ ගැහෙනවා ඇරුණාම සෑහෙන දවසකින් නිකිත්ගේ ගෙවල් පැත්තේ යන්න බැරි වුණු නිසා  මහිත් ඇඳ පැලඳගෙන නිකිත් හම්බවෙන්න හිතාගෙන ගෙදරින් එළියට බැස්සේ යතුරු පැදියේ යතුරත් අතේ කරකවන ගමන්......

ටූත්ලස්ව නැති වුණාට පස්සේ ආයෙම යතුරු පැදියක් ගන්නේ නෑ කියන මතයේ හිටියත්..... අහම්බෙන් නෙත ගැටුනු යතුරු පැදියකට හිත ගියපු මහිත්.... දෙපාරක් නොහිතා එය මිලදීගෙන තිබුණා...... අරගෙන තවම සතියක්වත් නොවුණු මේ යතුරු පැදියට තවම අංක තහඩුවවත් ලැබිලා තිබුණේ නෑ..... පුළුල් රෝද සහිත Sleek ඩිසයින් එකක් වුණු මේ කළු පාට BMW R18 වර්ගයේ යතුරු පැදියට තිබුණේ හරිම නවීන පෙනුමක්......

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now