විසිවෙනි හිමිවීම 💙

1K 168 42
                                    


"ඇඩ්මිශන් ඇවිල්ලලු....."

විභාගය වෙනුවෙන් අවසන් මාසය අර්ධ කාලීන රැකියාවට විරාමයක් තියපු සනුත් හිටියේ මහිත් එක්ක පහුගිය විභාග පත්‍ර වගයක් සාකච්ඡා කරමින්.....

මේ වෙනකොට මහිත්ගේ නිත්‍ය වාස භවන සනුත්ගේ ඇනෙක්සිය වෙලා මාස කීපයක්ම ගත වුණා..... ඩැඩී හදිසියේ ම ගෙදර ආව දවසක් දෙකක්..... නැත්තම් මිතුනිව රෑ කෑමකට ගෙනියන්න වුණු දවසක් දෙකක් ඇරෙන්නමේ මාස ගාණටම මහිත් ගෙදර නිදාගත්තේ ගණන් කරගන්න පුලුවන් තරමේ අඩු දවස් ගාණක්.....

මහා සාගරයක් වගේ තිබුණු රේමන්ඩ් මාලිඟාවට වඩා.... කාමරයයි කුස්සියයි තියෙන.... සනුත්ගේ ඇනෙක්සිය මහිත්ට සැනසීමක් ගෙනාවා......

ගෙදර තිබුණු සුවිසල් ඇඳට වඩා සනීපෙට සනුත්ගේ සෝපාවේ මහිත්ට නින්ද ගියා...... වෑංජන හතරක් පහක් පිරුණු සෝමා නැන්දගේ බත් පිඟානට වඩා සනුත් එක්ක එකතු වෙලා හදන සම්බෝලෙයි බතුයි කද්දි මහිත්ගේ බඩ පිරුණා.......

ඉඳහිට දවසක පොඩි පොඩි විහිලු කරලා සනුත්ව අවුස්සගෙන තරහා වෙලා ඉන්න මොහොතවලුත් නැතුවම නෙවේ....... හැබැයි තරහා වෙලා පැය බාගයක් යන්න කලින් සූ....කි...රී.... කියලා කිව්ව ගමන් අර තරහා මරහා අමතක කරලා දාලා රතු වෙච්ච කන් දෙකක් එක්ක සනුත් ආයෙම යාලු වෙනවා කියලත් මහිත් දන්නවා.....

සනුත් වුණත් තවමත් නමක් නොදුන්නු මේ බැඳීමට පුදුමාකාර කැමත්තක් තිබුණත්........... යාලුකමට එහා ගියපු..... සහෝදරකමක් කියලා නිර්වචනය කරන්නත් බැරි මේ හැඟීමට ... මේ බැඳීමට ආදරය කියන නම දෙන්නත් සනුත් ඉස්සර වුනේ නෑ.......

"සයින් කරන්න ගිහින් එනවද......"

"ම්හු..... දෙපාරක් යන්න එන්න බෑ..... මං මාමට කිව්වා ප්‍රින්සිපල් සර් එක්ක කතා කරන්න කියලා...... සර් කිව්වලු සර් තියාගන්නම්... මං ආව ගමන් එන්න කියලා සයින් කරගන්න......"

පාස් පේපර් පොත වහලා පැත්තකින් තියපු මහිත් තමන්ගේ ඉස්සරහින් වාඩිවෙලා උන්නු සනුත්ගේ අතකින් අල්ලා ගත්තා......

"කවද්ද යන්නේ එතකොට......."

"ලබන සතියේ..... සිකුරාදා රැජිණේ නගිනවා....."

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now