" මෙතන ඉදලා තියේ නම් කවුද එයාව මෙතනින් අයින් කරගත්තේ ? " අරවින්ද් ඇහුවේ තාමත් කල්පනාවට වැටිලා ඉදපු මියුන්ගෙන්.. එයා මේම නිශ්ශබ්ද වෙන්නේ මොනා හරි ලොකු දෙයක් ඔළුවේ වැඩ කරනකොට වව අරවින්ද් දන්නව.. ඒත් ඒක කන්ෆර්ම් වෙනකන් මියුන් ඒ ගැන වචනයක්වත් නොකියන බවත් අරවින්ද් දන්නවා....

"  පාළුවට ගියපු තැන් බලලා වැඩක් නැ.......  " මියුන් ඒ සැරේ නම් නිහඩතාවේ බිදලා උත්තර දුන්නේ අරවින්ද් ඌ ඉතිරි ටික කියනකන් බලන් ඉද්දි....

" එහෙනම් අනිත් පැත්තේ ඉදන් හොයනවද ? " මියුන් නිශ්ශබ්ද වුන තැන අරවින්ද් ඇහුවේ මියුන් එක පාරක් විතරක් ඔළුව වනද්දි....

" මටත් හිතෙනවා.. "සනෝශ් කන්ෆර්ම් කළේ එයාගේ බ්ලැක් පිස් කෙන් මූණ කවර් කරගෙන....

ආශාක්‍යසිංහ කොල්ලො හතර දෙනාගෙම, කොටින්ම එන්ගේජ්මන්ට් එක ඉන් අනිද්දට තියෙන අරවින්ද්ගේ පවා දවස් දෙකක් තිස්සේ ප්‍රථම රාජකාරීය වෙලා තියෙන්නෙ මේක..... ඒත් ආශාක්‍යසිංහ විලේජ් එකෙනුත් මෙතුල වේඝර්ණාරච්චි ගැන සලකුණු හොයාගන්න එයාලට තාමත් පුළුවන් වුනේ නැ.... සමහරවිට එයාලා තවත් නොසන්සුන් වෙන්නෙම ඒක නිසා කිව්වට වැරදි නැහැ.....

අනිත් පැත්තෙන් ගවීෂ් ඉන්නේ තවමත් පැකිළීමෙන්.... ඉර මුදුන් වීගෙන ආවත් එයාට තවමත් ඩ්‍රොප් සෝන් එකට තියන අඩියක් ගානෙ පැටළෙනවා වගේ ... තෝරගන්න විදියක් තිබ්බ නම් එයා කොහෙත්ම මේක කරන එකක් නැහැ....

ඩ්‍රොප් සෝ්න් එකත් බ්‍රින්ධව් කන්දට තිබුන කැලැවත් මායිම් කරගෙන තිබ්බ එළිමහන් පාළු නිසරු බිමේ ගවීෂ් නැවතුනේ එයාගේ මූණ කවර් කරන් ඉදපු බ්ලැක් පීස් එක පහළට දාන අතරේ... ඊයෙයි පෙරේදයි සම්පූර්ණ බර්ඩ්‍රේන් යොරෙල් ගම්මාන , එයාලගේ හැම ඩන්ජන් එකක්ම පීරලත් තවමත් කොල්ලට බැරි වුනා සුදු මාමාගේ කෙස් ගහක විස්තරයක් හොයාගන්න... හිතුව තරම් මේක ලේසි නැති බව ගවීෂ් දැනටම තේරුම් අරගෙන ඉවරයි.. ඒ වගේම ජිවිතේ පළවෙනි වතාවට අතිශය නින්දිත විදියට ප්‍රිවිරුට දිපු බැට්ල් ප්‍රොමිස් එක කඩන්නත් ගවීෂ් තිරණය කරලා ඉවරයි. ඇත්තටම ගවිෂ් මේ එළියට ආවේ එයා ගිවප් කරන බව කන්ෆර්ම් කරන්න....සමහර විට ප්‍රිවිරුව හංගලා තියාගන්න පුළුවන් වෙයි . අඩුම සහය පෙළ බර්ඩ්‍රේන් විලේජ් එකේවත්.. ඒ දවස් තුනේ කොහොමහරි සුදුමාමාව රිලිස් කරගන්න බවට කොල්ලගේ හිතේ කොහොමටත් තියෙන්නේ ටිකක් තද විශ්වාසයක්.. අනිත් අතට මේ වගේ දෙයක් නිසා ප්‍රිවිරුට මොනවා හරි කරලා මෙච්චර කල් ළගින් ඉදපු කෙල්ලගේ හිත බිදිනවා වගේ රිස්ක් එකක් ගන්නත් ගවීෂ් කොහෙත්ම ලැස්ති නැහැ.... ඒ කෙල්ලගේ හිත හය්ය කරන්නම දවස් තුනක් ගිය බව කොල්ලට අමතක නැ...

- Plot 23 -Where stories live. Discover now