" සුදු මාමව හොයන්නද ? " මියුන් ඇහුවේ අරවින්ද් උත්තර නොදී කට ඇද කරද්දි..... අරවින්ද් උත්තර නොදීපු එකට තද උන මියුන් අරවින්ද්ව බැලන්ස් නැති වෙලා වැටෙන විදියට ඇගේ වැදීගෙනම එයාව පාස් කළෙ අරවින්ද් සාප කරපු එක නෑහුන ගානට...

" මට හිතෙන්නේ එයාලා ගවීෂ් අය්යාව නම්මගන්නේ මෙතුල මාමාව ඇපේට තියන් ..  ඒක නිසා මොන දේ උනත් මෙතුල මාමව පණ පිටින් තියනවා... මොකද  ඉස්සරහට නම්මගන්නත් එපැයි..... "

" ඔව් , ඒත් අරුට ඒක තේරෙන්නෙ නැනෙ... මගේ උන් ඒම නෑ යැයි යැයි... " අරවින්ද් තාලෙට කිව්වේ මෙතන අදාළ එකා නැති නිසා මියුන් දිහාවට කට ඇද කරලා....

" ඉතින් අනී ඔයාත් කියන්නේ මෙවීනා අක්කා ඒම නැ කියලා ? " තනෝශ් ආපස්සට ඇහුවේ සනෝශ් ඒ පරක්කුවට ඇනපු ටොක්කට ඔළුව බදාගෙන..... ඊයේ පෙරේද මැන්ශන් එකේ ගිය දඩාරවලිය ගැන අදහස් ප්‍රකාශ කළත් වැරදිනේ...

" මං වැරදි දෙයක්ද කිව්වේ ලොකු බූරුවො ? " තනොශ් ඇහුවේ ගෙඩි ගැහිලද බලන්න ඇස් දෙක උඩ යවලා එයාගෙම ඔළුව අතගාගන්න අතරේ....

" උබ දැන් කාගේ පැත්තෙද ? " අරවින්ද් සැර කරලා ඇහුවේ තනෝශ් උත්තර නොදී සනෝශ්ගේ පිටුපස්සට මුවාවෙද්දි....

" ටීම් ගවිස්ය්යා......"

" මොකක්ද යකො කියන්නේ ? " අරවින්ද් නැට්ට පාගගෙන නැගිට්ටේ තනෝශ් තව සනෝශ්ගේ පිටිපස්සට වෙද්දි....

" ලොකු බූරුවා කැමති ගවීසය්යට.... ඉතින් මාත් ඒම... " තනෝශ් ඔහේ පාවලා දුන්නේ සනෝශ් රවාගෙන එය දිහාවට හැරුන විදියට කට පියාගෙන...

" හය්යය්යොව්ව්.... මට කියවුනානේ.... ඒම නැ අරවින්ද් අය්යට තමා කැමති.....හෙහෙ...අනේ..... බුදු අම්මො මෙන්න ගහනෝ.......ඕඕඔ....  "තනෝශ් කැගැහුවේ සනෝශ්ගෙන් පස්ස පැලෙන්න කන්න වෙන එකෙන් බේරෙන්න මියුන්ව හොයාගෙන දුවන ගමන්...... මියුන් අය්යා විතරනේ ටීම් ගවිස් කිව්වම ගහන්නැති කෙනා මෙතන.....

" අර දැක්කද මියුන් අය්යේ ? හරිම නරකයි... මට ගහනවා අප්පා.... ! " මියුන්ගේ පිටිපස්සට රිංගගත්ත තනෝශ් කිව්වේ චූදිතයෝ දෙන්නට ඇගිල්ලයි දිවයි දික් කරලා.....ඒත් මේ සැරේ මියුන් අය්යත් එයාව සත පහකට ගණන් ගත්තේ නැ කියල තේරුන තනෝශ් කරබාගෙනම ආයේ සනෝශ් ගාවට ගියේ එයාගේන් පස්ස රත් වෙන්නම පාරක් කන්න හිත හදාගෙන....

- Plot 23 -Where stories live. Discover now