⛓️ Chapter 03 ⛓️

Magsimula sa umpisa
                                    

පැය භාගයක් විතර තිබ්බ මීටින් එක ඉවර වුනාට පස්සෙ ඩිරෙක්ටර බෝඩ් එකේ හැමෝම වගේ එතනින් නැගිටලා ගියා.හැබැයි ටේහ්‍යුනුයි යොන්දෝයි දෙන්නනම් ගියෙ නෑ.

" පුතා දැන් ගෙදරද යන්නෙ ? "

" ඩිරෙක්ටර බෝඩ් එකේ ජන්කුක් ඉන්නවා.අපිට ජන්කුක්ගෙ සයින් එක නැතුව මොනවත් කරන්න බෑ පුතා.අනික පුතා ශෙයාස් වලින් ඔයාට සමාන ප්‍රමාණයක් ජන්කුක්ටත් තියෙනවා.අනික පුතා පුතාගෙ හ්‍යුන්ගෙ ශෙයාස් ටිකට මොකද කරන්නෙ අපි."

යොන්දෝ ෆයිල් එකක් බලල ගමන්ම ටේහ්‍යුන්ගෙ එහෙම ඇහුවත් ටේහ්‍යුන් හිටියෙ වෙන කල්පනාවක.ඇත්තම කිව්වොත් කොල්ල කෙනෙක් ගැන හිත හිත හිටියෙ .

" පුතා."

" සොරි අන්කල් ඔයා මොනාහරි කිව්වද ?"

" පුතා වෙන කල්පනාවක නේද හිටියෙ."

" එහෙම මුකුත් නෑ අන්කල්."

" කාටහරි හිතවත් ගියාද පුතා ? "

" එහෙම මුකුත් නෑ අන්කල්.අන්කල් කලින් මොනාද කිව්වෙ ? "

" මන් කිව්වෙ පුතා ශෙයාස් ගැන."

" ශෙයාස් ගැන මොනාද ? ජන්කුක්ගෙ ශෙයාස් ගැනනම් ප්‍රශ්නෙ අන්කල් ජන්කුක් බිසනස් කියන දේට ඉන්ටරස්ටින් නෑ."

" ඉස්සරහදි ප්‍රශ්නයක් වෙයි පුතා.ජන්කුක් පුතාගෙ ශෙයාස් ටික ගත්තොත් පුතාට අප්පගෙ කම්පැනි එකත් නැති වෙයි පුතා.පුතා කොහොමහරි ජන්කුක්ගෙ ශෙයාස් ටික පුතාගෙ නමට ලියාගන්න පුතා.ඒක කෝකටත් හොදයි.ජන්කුක් කීයටවත් කම්පැනි එකට එන්නෙ නෑ."

" ජන්කුක්ගෙ ශෙයාස් ජන්කුක්ගෙ නමටම තියෙයි අන්කල්.ජන්කුක්ගෙන් මොකක්ද මට තියෙන ප්‍රශ්නෙ අන්කල්.ජන්කුක් කියන්නෙ මගෙ මල්ලි.කාගෙන් මට ප්‍රශ්න එයිද කියන්න මම දන්නෙ නෑ අන්කල්.හැබැයි මම එකක් දන්නවා ජන්කුක්ගෙන් කීයටවත් මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ."

" ඒකම තමා ටේහ්‍යුන් ප්‍රශ්නෙ.අනික ඔයා අමතක කරන්න එපා ජන්කුක් නිසා පුතාට ඔම්මයි අප්පයි හ්‍යුනුයි නැති වුනා කියන එක."

" අන්කල්."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඉදගෙන හිටිය තැනින් නැගිටිනකොට යොන්දෝ ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.යොන්දෝ ටේහ්‍යුන් ගාවට ඇවිත් ටේහ්‍යුන්ගෙ උරහිසෙන් අත තිබ්බා.

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Tahanan ng mga kuwento. Tumuklas ngayon