" කියපන්... ඔහොම මගේ ඇස් දෙක දිහා කෙලින් කියපන් ටිකකට කලින් කියපු දේ.... !! අය්යගේ ඇස් දිහා බලන් කියපන්... "  ගවීෂ් ආයෙ කිව්වේ කෙල්ලගේ ඉකි ගැහිල්ල වැඩි වෙද්දි.....

" අඩන්න තියාගන්න එපා උබව මකනවා මම !!!! .... " ගවීෂ් ආයේ කිව්වේ ආශදීව එහාට තල්ලු කරලා.... අතක්වත් උස්සන්නේ කොහොමද ජීවිතේට මේ කෙල්ලට බැනලවත් නැතිකොට ? ගවීෂ් එහෙමම එහා පැත්තෙ බිමට අත තියලා වාඩි උනේ ඇගට පණ නැති ගානට.... වෙන ආපදාවක් නෑ ඒත් හිටගෙන ඉදියොත් ඔළුවේ තියෙන කරකැවිල්ලටම එයා ඇදන් වැටෙයි කියලයි මිනිහට සැක... ඒ ප්‍රිවිරු කියලා ගවීෂ්ට අමුතුවෙන් ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නැ.... මෙච්චර නිදහසේ ඉදපු කෙල්ලට ළං උනේ ඌ විතරමයි !!  ඉසිවර මාමා !! ප්‍රිවිරු !!! උරුමයට ළං වෙන්න උන්ට තියෙන හොදම වගේම ජරාම ඔප්ශන් එක සිලෙක්ට් කරලා !!!

" අමන &#-&$ !! මෙච්චර වෙලා ඕකාව මරන්න හේතුවක් නැතුව ඉදියේ....!!! "  ගවීෂ් මිමිණුවේ ඇත්තටම මරන්න තරම් කේන්තියකින්....

" අනේ.. එයාගේ වැරැද්දක් නැ...... අහන්නකෝ..... ගවිෂ් අය්යේ.....අනේ..... "

"  කටවහපන් !! ඌව සුද්ධ කරන්න තියාගන්න එපා!!! මම උබට නොකිව්ව දෙයක්ද ඔය !!!! අහ්හ් ආශදී !!! හැම සැරේම කියල තියෙනවා ඕකුන් ළං වෙන්නේ හොදකට නෙවේ කියලා... ඒ කියලත්...... ඒ කියලත් උබ -- විහිළුවක් නේද ??? දැන් ඒම කියලා හිනා වෙයන් මට කේන්ති යන්නැ.... දැන්ම කියපන්..... ආශදී ???? " ගවීෂ් ආශදී නැ කියන්න ඔළුව එක පාරක් වනද්දි... ඔව් කෙල්ල අඩන්නේ මේ බොරුවට නෙවේ..... කෙල්ලගේ හිතේ කැමැත්තක් තිබ්බා ප්‍රිවිරු ගැන... ඌ සහය පෙළ බව පිට පිට වෝන් කරද්දි පවා ඒකේ වෙනසක් තිබ්බේ නැ.... අනිත් අතට උන් කෙල්ලව පාවිච්චි කළේ ඒ හැගීම් නිසාම වෙන්න ඕනෙ... උන් පියවර ගානක් ඉස්සරහ !!! ගවීෂ් එයාගේ ඇගිලි තුඩු නළලට තියලා තද කරගත්තේ පහුගිය දවස් ගාණටම පළවෙනි සැරේට ඉකි ගැහෙන්න ආපු නිසා....වෙන දේවල් දරාගන්න එක මහ දෙයක් නෙවේ.... මොකද  සමහර ප්‍රශ්න තියෙනවා කවදහරි විසදෙන... ඒත් මේක ??? මේක කොච්චර කල් ගියත් විසදන්න බැරි ප්‍රශ්නයක්.... !!! කෙල්ලට දහ නවයයි දෙය්යනේ !!!

" අය්යේ ?..... " ගවීෂ් ඇඩෙන්න ආපු එක හිර කරගත්ත බව කෙල්ල නොදැක්ක නෙවේ.... ගවීෂ් ඒක නවත්තගත්තේ කොච්චර වේදනාවකින්ද කියලා දැක්කම කෙල්ලගේ පපුව බරවෙන්නේ සෑහෙන දරුණු විදියට.... එයා ගවීෂ්ගේ උරහිසට අත තිබ්බෙත් ඒක නිසාමයි....

- Plot 23 -Where stories live. Discover now