ඉතින් නිශ්ශබ්දතාවේ මැද්දෙන්ම ගවීෂ් ගත්ත වැදගත් තීරණ කිහිපයක්ම තිබුනා.. ඩියෝන්ව ඩවුන් විලෙජ් එකට යවනවා ඇරුනම,එයා අත්තම්මව වලෝර දෙවොලෙත් , කැලිවලට කොටස් කරපු විසිතුන ක්‍රමවේද පොත තවදුරටත් සුදු මාමා ගාව තියන්නත් තීරණය කළේ , එයාලා ඒ පොතේ හොයපු බර්ඩොමිඩා කෙනෙක් ගැන ලියවිලා තිබ්බ පරිච්ඡේද කිහිපයම ඒ වෙනකොටත් පොතෙන් කවුරුමන් හරි ඉරාගෙන තිබුන නිසා...

ඒ ඇරුනම ඩ්‍රොමිඩා යෝරෙල්ස්ලා මේ වෙද්දි ලැස්ති වෙන්නේ එයාලගේ උරුමයේ විවාහ ගිවිසගැනීම් චාරිත්‍රවලට.... සිරාම කතාව කියන්නේ අරවින්ද්ව අල්ලන්නවත් නැහැ උගේ එන්ගේජ්මන්ට් එකේ වැඩ නිසා.... ප්ෆ්ට්... 

කෝම නමුත් මේ අවිනිශ්චිත ගතිය ගවීෂ්ව තව නොසන්සුන් කරනවා.... කවුරු කොහේ මොන විදියකින් මියුන්ට ළං වෙයිද කියන්න කොල්ලගේ හිතේ තියෙන්නෙ බයක්... ඉතින් මේ දවස්වල වේඝර්ණ සීමාවේ පස් පාගන්න පවා මියුන්ට ගවීෂ්ගෙන් වගෙම අරවින්ද්ගෙන් වැටිලා තියෙන්නේ මාරාන්තික තහනමක්.... උට යන්න අවසර තිබුනා නම් ඒ සීමිත තැන් කිහිපයකට විතරයි .... අරවින්ද් එක්ක ඒ ගැන දාමරික වලියක් දාගෙන තිබ්බ මිනිහාම ගවීෂ්ගේ එක කෝල් එකට ගානට මෙල්ල වුනේ අන්තිමට ඒකටත් කොහේවත් ඉන්න අරවින්ද් පිටින් තරහා යවපු කොල්ලා ආශාක්‍යසිංහ මැන්ශන් එකේ අරක්ගනිද්දි... ඉවරයි කිව්වට මහා හිස රදේ පටන් ගත්තේ එතනින් !!!

දැන් සති එකහාමාරක ඉදන් උදේ පාන්දර ඉදන් හවස් වෙනකන් , මියුන්ගේ එක එක විදියේ කෝලංවලින් ගවීෂ්ගේ ඉන්බොක්ස් එක පිරිලා.... ගිටා කවර්ස්....  එයිටීන් ප්ලස් ස්කෙචින්ස් .... තනියම හදන් කන නමක් නැති කැම ජාතිවල ෆොටො... ඒවා කන්න බැරුව අර නාටුක්කට බලෙන් කවලා අන්තිමට නාටුක්කා සනිප නෑ කියලා නහයෙන් අඩන වොයිස්..... අලුතින් කියවන පොත්වල සාහිත්‍යමය විචාර හෑලිවල වොයිස්.... !! ඔක්කොමත් හරි නාටුක්කාව හතර අතට බදන් ඉන්ස්ටා අප්ඩේට් කරලා තිබ්බ ෆොටොස්.... ආතල්ම වැඩේ තමයි මුගේ මේ මලකෝලං ටික ගවීෂ් ගණන් ගන්නේ නැති උනාම ඩ්‍රෑන් එක්ක අරහේ මෙහේ ගියපු පරණ ෆොටොස්වලින් ෆීඩ් එක පිරෙන එක... ඊට පස්සේ වැඩිවෙලා යන්න කලින් කෙල්ලො ඒ දෙන්නව ශිප් කරලා දාන කමෙන්ට්ස්වල ස්ක්‍රීන් ශොට්ස්වලින් ගවීෂ්ගේ ඉන්බොක්ස් පිරෙනවා.....

- Plot 23 -Where stories live. Discover now