අටවන හිමිවීම 💙

1K 192 91
                                    

Day 05

තවත් අලුත් දවසක්......... උදේම තමන්ගේ වැඩ ටික ඉවර කරපු සනුත් ලෑස්ති වුණේ අත්‍යාවශ්‍ය කරුණු ටිකක් සටහන් කරගන්න පුස්තකාලයට යන්න.....

කළු පාට ස්ලිම් ෆිට් ජීන්ස් එකට සුදු ටීෂර්ට් එක ඇඳලා.... ඊට උඩින් කළු පාට චෙක් ශර්ට් එකක් ඇඳපු සනුත් ශර්ට් එකේ අත් දෙක වැලමිට ළඟට එනකම් නවා ගත්තා...... සුදුපාට Adidas Super Star සපත්තු දෙකත් දාගෙන අත් ඔරලෝසුවත් බැඳගත්ත සනුත් එක අතකින් කොණ්ඩය එහෙ මෙහෙ කරමින් හදාගත්තා......

බෑගයත් කරේ දාගෙන ගෙදරින් එළියට බහිනකොටම දුරකතනය නාද වෙනවා ඇහුණ සනුත් සාක්කුවේ තිබුණ දුරකථනය අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෑගයත් කරේ දාගෙන ගෙදරින් එළියට බහිනකොටම දුරකතනය නාද වෙනවා ඇහුණ සනුත් සාක්කුවේ තිබුණ දුරකථනය අතට ගත්තා ...... දුරකතනයේ තිරයේ Mahith කියලා සටහන් වෙද්දි සනුත් තුෂ්නිම්භූත වුණේ මහිත්ගේ අංකය කොහොමද තමන්ගේ දුරකතනයේ තියෙන්නේ කියලා හිතාගන්න බැරිව......

"හෙ..... හෙ..ලෝ......."

"ගුඩ් මෝනිම් සනූ..... මොකද කරන්නේ....."

"අයියේ...... ඔ...ඔයාට කොහොමද මගේ නම්බර් එක...."

"ම්ම්ම්ම්ම්ම්...... හොඳට මතක් කරන්න බලන්න......ම්ම්ම්..."

"ඔහොම පොඩ්ඩක් ඉන්න........ එතකොට ඊයේ ෆෝන් එකේ සල්ලි නෑ කියලා බොරුවක්ද කිව්වේ.... නම්බර් එක ඉල්ලන්න තිබ්බනේ ... මොකටද බොරු කිව්වේ.... තෞසේ නම් මහ බොරුකාරයෙක්...."

තොලත් නොපිට පෙරලගෙන පුංචි ළමයෙක් වගේ නෝක්කාඩු කියන සනුත්ගේ මූණ බලන්න තරම් ලස්සනයි...  මේ නෝක්කාඩුවේ තරම කොච්චරද කියනවනම් මෙච්චර දවසක් සනුත් සනුත් කියලා කතා කරපු මහිත් එක පාරටම සනූ කියලා කතා කරපු එකවත් සනුත්ට  තේරුණේ නෑ.....

"හෝව් හෝව් ළමයෝ....කෝච්චිය වගේ කියවන් කියවන් යන්නැතුව ඉන්නවකෝ..... සල්ලි නෑ කිව්වේ ඇත්තටම ..... මේකේ පැකේජ් එකක් තියෙන්නේ...... අනික මම කොහෙද බොරු කිව්වේ....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now