ආයෙමත් ආදරෙන් 35

1.1K 143 62
                                    

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුළඟට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්

තමන් ආදරේ කරන අයත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙද්දි කාලය ගත වෙනවා දැනෙන්නෙත් නෑනෙ.මගේ පින්න මල මගේ ළඟටම වෙලා ඉද්දී මටත් කොහෙන්ද දුකක් තනිකමක්, මේ සංසාරේ කොහේදී හරි දුක් වින්දා නම් ඒ හැම දේටම හරි යන්න අපි අද සතුටින්. දුකක් දැනුනා නම් ඒ ලංකාව මතක් වෙලා, පවුලේ අය මතක් වෙලා.... ඔව් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. ඩෙන්මාර්ක් වල ටෝනි අංකල්ල ජීවත් වෙන පුංචි ගම අපේ හිත් වලට කොච්චර දැනුනද කියනව නම් අපි ලංකාවට ගිහින් අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් මෙහෙට ආවා....

' දෙව්දුන් අභිමන්යූ සල්ගාදු' (දේව්)අපේ ලෝකෙ එළිය කරන්න ආව පළවෙනි අමුත්තා, හේතුව මොකක්ද කියන්න නම් මම දන්නෙ නෑ ඒත් තේව්ට මුලින්ම ඕන උනේ එයාගේ දරුවෙක් නෙවෙයි මගේ දරුවෙක්. ඉතින් මට එයාගෙ දරුවෙක් මුලින්ම ඕන කියන ආශාව අත ඇරලා එයාගෙ ආශාවට ඉඩ දුන්නා.ටෝනි අංකල්, මිලාන් අංකල් දෙන්න අපේ ලඟ ඉඳන් හැම දේටම උදව් කරද්දි අපේ පුතා ටිකක් ලොකු වෙනකම් අම්මලා දෙන්නම සැරින් සැරේ මෙහෙ ඇවිත් අපිට උදව් කරා.දැන් එයාට අවුරුදු හයයි... ඒ නිසාම තමයි අපි තවත් දරුවෙක් ගැන හිතුවෙ... එයා දුවෙක්.. 'සදෙව්මි අභිෂේකා සල්ගාදු'(අභී) මාස අටක පුංචි රෝස මලක්. එයා තේව්ගෙ... දැන් අපි දෙන්නගෙම ලෝකෙ මේ පැටව් දෙන්නා තමයි.

අපිට අපේම කියලා කොෆි ශොප් එකක් මෙහෙ තියෙද්දී සංචාරක ආකර්ෂණය වැඩි පළාතක් නිසාම අපේ බිස්නස් දියුණු උනා. අංකල්ල දෙන්න දරුවෝ බලා ගන්න උදව් කරද්දි ජේසන්, ඊඩ්න් දෙන්න එයාලට පුළුවන් හැම වෙලේම කොෆි ශොප් එකට ඇවිත් අපිට උදව් කරා. අපි එකම පවුලක් වගේ ජීවත් උනේ. අපේ ජීවිත වලින් නරක මිනිස්සු ඈත් කරවලා හොඳ මිනිස්සු ලං කරවලා තිබුණා....

"තේව්..... මෙන්න තේනුගෙන් කෝල් එකක් බබා"

තේනුගෙන් වීඩියෝ කෝල් එකක් එද්දී මං ෆෝන් එකත් සාලෙට යද්දි චූටි රෝස මලවත් තුරුල් කරන් තාත්තයි පුතයි ටීවී බලනවා....

වීඩියෝ කෝල් එක ආන්සර් කරාම තේනු ඉන්නවා එයාගෙ පුතාවත් තුරුල් කරන්. පොඩි එකාට අවුරුදු දෙකයි. ටෝනි අංකල්ල තමයි ඒ දෙන්නටත් උදව් කරේ අපිට වගේම. පොඩි එකාට තිබ්බෙ අරුල් අයියාගේ වගේ තද කළු පාට ලස්සන ඇස්. අපේ ඩබලව දැක්ක ගමන් ඒකා අත්පුඩි ගගහා හිනා වෙද්දි අරුල් අයියත් ඇවිත් තේනු ළගින් ඉඳ ගත්ත....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now