වසීගරා කියන්නේ මං ගොඩක්ම ආදරෙන් ලිව්ව කතාවක්, ඉතින් වසීගරා කතාවේ දෙවෙනි කොටසත් අදින් ඉවරයි, පළවෙනි කොටස වගේම දෙවනි කොටස එක්කත් දිගටම එකතු වෙලා හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි....
කතාව කියවපු වෝට්, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඔයාලගේ වචන මට ලොකු හයියක් උනා කතාව දිගටම ලියන්න. කමෙන්ට් වල මැසේජ් වල තිබුණු එක වචනෙකට පුළුවන් උනා කතාව ලියන්න හයියක් වෙන්න. ඉතින් ඔයාලගේ ඒ ලස්සන අදහස් වලට මං ආයෙමත් ස්තූති කරනවා....
අභී+දේව් ඒ දෙන්නගේ ආදරේ ඔයාලට ගොඩක් දැනෙන්න ඇති,විශේෂයෙන්ම අභීගෙ. එයාගෙ ඊලඟ ආත්මේ තූර්ය. අභීට වඩා වෙනස් චරිතයක් නේද. අභී ජීවත් උන විදියට වඩා ගොඩක් වෙනස් තූර්යගෙ ජිවිතේ. අභී පුංචි කාලේ ඉඳන්ම වින්ද දුක් තූර්ය වින්දේ නෑ. අභීව අර තරම් ආදරණීය මනුස්සයෙක් කරේ එයා පුංචි කාලේ ඉඳන්ම වින්ද දුක, තනිකම වෙන්නත් පුළුවන්. තේව් ලඟ තූර්ය ළග එයාලගේ කලින් ආත්මේ ගතිගුණ ටිකක් විතර තිබුණා. එයාලා ජීවත් වෙච්ච කාලය, පවුල් පසුබිම වගේ දේවල් නිසයි එයාලා දේව්ට, අභීට වඩා වෙනස් උනේ. ඉතින් ඒ වෙනස ඔයාලා තේරුම් ගනී කියල මං හිතනවා....
කතාවේ ගොඩක් අඩුපාඩු, අතපසුවීම් ඇති, ඉතින් ඒවට මගේ ආදරණීය රීඩර්ස්ලගෙන් සමාව ඉල්ලනවා.
මගේ ඊලඟ කතාව දඬු මොණරු ඉතින් ඒක එක්කත් ඔයාලා එකතු වෙයි කියල මං හිතනවා......
එහෙනම් අලුත් කථාවකින් හමුවෙමු, ආදරෙයි හැමෝටම ❤️...
මං යූචි
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ