"මේ ඇත්තටම ඔයාලා මාව එක්ක යනවද, බොරු නෙවෙයි නේද"
"නෑ නෑ බං එක්ක යනවා. ඉක්මනට ලෑස්ති වෙලා වරෙන්. පරක්කු උනොත් නම් දාලා යනවා"
"අම්මෝ මට පට්ට සතුටුයි,ඉන්නව ඉන්නව ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්"
අංකලුයි, ඇන්ටියි අවසරේ දුන්න නිසා පොඩි එකා ලෑස්ති වෙන්න ගෙට දිව්වෙ අපෙන් දාහක් ප්‍රශ්න අහල. ඌට විස්වාස කරන්න බැරි උනා අපි එක්ක යන්න කතා කරාම.ඇයි ඉතින් මෙච්චර දවස් අපි ගියේ හොරෙන්නෙ. පොඩි එකා සතුටු උන හැටි දැක්කම නම් අපිට දුක හිතුනා.ඒකාටත් කොහේ හරි යනවනම් යන්න හිටියෙ අපි විතරයිනෙ.
"පව් බං දිසෙතයා, ඌ ආස ඇති අපි එක්ක ඇවිදින්න යන්න"
තේනුත් කිව්වෙ නම් දුකෙන්.
"ඒ උනාට අපි පහුගිය දවස් වල ගියේ ඌව එක්ක යන්න බැරි ගමන්නෙ, එක්ක ගියා නම් ඒකා හැමදේම දැන ගන්නවනේ"
"ඒකත් ඇත්ත තේව් මල්ලි, පොඩි එකා ඕවා ඇන්ටි එක්ක කිව්වොත් හැමෝම දැන ගන්නව. අපි ඒ වගේ ගමන් නැතුව නිකන් ඇවිදින්න ගියොත් පොඩි එකාව එක්ක යමු ආයෙ"
"මේ ඒක නෙවෙයි ඇයි අර තේව් වෙනුවට තේනු ආවේ දේව් වගේ"
මෙච්චර වෙලා හිතේ තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුවෙ තේව්ගෙන්.
"මේ යකා අන්තිම මොහොතේ කිව්වෙ අයියෙ මං ඔයා වෙනුවට යන්නම් කියලා. මමත් ඉතින් පොඩි එකාගේ ආසාවනේ කියල ඉඩ දුන්නා ඉතින්"
"මට හිතුනා තූර්ය මං ගියොත් අයියට වඩා හොඳට මට මිනෝලි එක්ක කතා කරන්න පුළුවන් වෙයි කියල. අයියට වඩා මට මිනෝලි ගැන මතකයිනෙ"
"හැබැයි ඉතින් තේනු මල්ලි ඒක හොඳටම කරා.සන්තූර් අංකල් උනත් මරු. මං ගොඩක් අමාරුවෙන් හිනාව කාගෙන ඉවසන් හිටියෙ "
ශේන් අයියා කියද්දි අපිටත් හිනා නොවී බැරි උනේ වෙච්ච දේවල් ආයේ මතක් උන නිසා.
"මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මිනෝලි අර කාවද හම්බ වෙන්න යනවා කිව්වෙ "
තේව් අහද්දි තමයි අපිටත් ඒක මීටර් උනේ.
"නෙවිල් අංකල් කියල නේද කිව්වෙ. නෙවිල් කියන්නේ දේව්ගෙ තාත්තා, සූරිය බණ්ඩාර වලව්වෙ ඉන්නෙ එයානේ "
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ