ආයෙමත් ආදරෙන් 13

1.6K 218 27
                                    

අපි තුන් දෙනාම තිසූගෙන් පොත් ටික ඉල්ලගෙන නෝට් ටික ලියා ගත්ත. අම්ම එද්දී මං හිටියේ තේ හදන ගමන් තේව්ලගේ තේ දෙක කාමරේට ගිහින් දීලා මං කුස්සියට ඇවිත් අම්ම එක්ක කතා කර කර තේ බිව්වා, මට තේරුණා අම්ම මොකක් හරි මට කියන්න හිත හිතා හිටියේ කියලා.

"පුතා"

"ඇයි අම්ම"

"ඔයා දන්නවද නදී ඇන්ටිගෙ තාත්තව හැප්පුවේ කව්ද කියලා"

"ඇයි අම්ම, කව්ද"

"අර ගෑණි මිනෝලි, තාත්තත් ඒ වෙලාවේ වාහනේ ඉදල. දෙන්න එක්ක බීලා රණ්ඩු කර කර ඇවිත් තියෙන්නෙ"

"අම්ම කොහොමද දන්නෙ"

"නදී ඇන්ටි කෝල් කරලා කිව්වෙ,ඒ ගෑණිට ඇප හම්බවෙලානෙ, අපරාදෙ ටික දවසක් හිරේ තියන්න තිබ්බෙ"

අම්ම කියද්දි මට මතක් උනේ මිනෝලි දිසානායකව, එහෙනම් මේ එයා තමයි. දේව්ට බන්දන්න හදපු කෙනා.ඒ ගෑණිත් හොඳ කෙනෙක් නම් වෙන්න බෑ කොහොමත්. ඉස්සරත් දැන් වගේම ඇති. අම්ම එක්ක කතා කරලා ඉවර වෙලා කාමරේට ගියේ අනිත් අයත් මේ ගැන දැන ගන්න ඕන නිසා.....

"එතකොට ඒ කිව්ව ගෑණු කෙනාද තූර්ය ඔය ඔයාගෙ තාත්ත එක්ක යාළු වෙලා ඉන්නේ,එතකොට අපේ සීයව හැප්පුවෙත් ඒ ගෑණිද "

"ඔව් තේනු"

"එහෙනම් ඒ කාලෙත් මේ වගේම ඇති නේද, ඒ ගෑණි ගැන ටිකක් හොයල බලන්න වෙයි, අරුල් අයියා වැඩි විස්තර දන්නවද දන්නෙ නෑ, මල්ලි ආයේ කතා කරද්දී අයියගෙන් ඒ ගැන අහන්න ටිකක් "

"ම්ම්ම්, ඔයාලගේ වට්සැප් එක බලන්න, මං ගෘප් එකක් හැදුවා අපිට වැඩි විස්තර හොයා ගන්න නම් අරුල් අයියගේ විතරක් නෙවෙයි ශේන් අයියගෙත් උදව් ඕන. හෙට නේද එයාගෙ නැන්දා එනවා කිව්වෙ "

"ඒ නැන්දා විස්තර කියයිද ඉතින් "

"ශේන් අයියා නම් කිව්වෙ එයාගෙ තාත්තටයි, බාප්පටයි වඩා නැන්දා වෙනස් කියලා, එයා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්ලු "

"ම්ම්ම් එහෙනම් කමක් නෑ"

"මං තිසූට පොත් ටික දීල එන්නම්, ඔය දෙන්න කතා කර කර ඉන්න "

තේනු එළියට ගියාම කාමරේ ඉතුරු උනේ අපි දෙන්න විතරයි

"ඔයත් එක්ක ඇවිදින්න යද්දි ඒක හරි අමුතුයි තූර්ය.මට ඒක කියන්න තේරෙන්නේ නෑ.දේව්,අභිමන් දෙන්නගේ මතක නිසාද මන්ද, අනිත් අයත් එක්ක ඇවිදිනවා වගේ නෙවෙයි ඔයත් එක්ක යද්දි "

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Tempat cerita menjadi hidup. Temukan sekarang