ආයෙමත් ආදරෙන් 34

915 142 41
                                    

මගේ පණ මං ආදරෙයිනේ කණට කර බොහො වතාවක්
ඉතින් එදවස මිමිණුවා ඔබ නිතර රසබර කතාවක්
මගෙ මැණික මං ආදරෙයි යැයි එබී දෑසට ආයෙමත්
එදා වාගෙම තුරුල් කරගෙන කියාපන් තව වතාවක්

උදේ හතට විතර ඇති වෙලාව, තවමත් හතර වටේ මීදුම තියෙද්දිම ඒ මීදුම අතරින් ඉර එළිය වැටිලා තියෙද්දී වට පිටාවේ තිබ්බෙ අමුතුම පාටක්. ඊයේ රෑ තේව් එවපු පුංචි කවි පේළි හතර මං මේ ආයෙත් කියවන්නේ කී වෙනි පාරටද කියල හිතා ගන්න බෑ.අතේ තියෙන කැලෑ මල් පොකුර දිහා තව එක සැරයක් බලලා ඉවර වෙලා ආයෙත් බැලුවේ වතු බංගලාව දිහා.මගේ කම්මැලි කුමාරයා පොරොන්දු උනාට අද උදේම නැගිටලා එන්නම් කියලා මට නම් ෂුවර් නෑ ඉතින්. කව්ද දන්නේ මං මෙතනට වෙලා බලා ඉද්දී එයා පස්සත් උඩ දාගෙන තාම නිදිද කියල......

 කව්ද දන්නේ මං මෙතනට වෙලා බලා ඉද්දී එයා පස්සත් උඩ දාගෙන තාම නිදිද කියල

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

බංගලාවට පහලින් තියෙන කැලෑ මල් පිපුණු තැනට ඇවිත් මං හිට ගත්තා. ටික දුරක් යනකම් තැනිතලාව උනාට ඊට පස්සේ තියෙන්නේ ආයෙත් පොඩි බෑවුමක්. කන්ද උඩ නිසා වටපිටාව හොඳට පේනවා. මීදුමෙන් වැහිච්ච කඳු දිහා බලාගෙන ඔහේ හිටපු මගේ කල්පනාව බිඳුනේ මගේ පිටට දැනුනු උණුසුමත් එක්ක. මාව පිටි පස්සෙන් තුරුල් කරගෙන අත් දෙකෙන්ම මාව බදාගෙන එයාගෙ ඇඟට හේත්තු කර ගත්තේ මගේ නපුරු කුමාරයා තේව්....

"ගුඩ් මෝනින් මැණික"

"ගුඩ් මෝනින් තේව්, මං හිතුවේ තාමත් නිදි ඇති කියල"

"උබට වඩා නින්ද වටින්නේ නෑනෙ මැණික"

"ආ"

"මටද"

"ම්ම්ම්, මං මගේ පණටත් වඩා ආදරෙයි මගේ තේව්"

අනිත් පැත්ත හැරිලා එයාගෙ අතට මල් පොකුර දුන්නම එයා හරි ලස්සනට හිනා වෙලා ඒක අතට ගත්ත....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Dove le storie prendono vita. Scoprilo ora