ආයෙමත් ආදරෙන් 31

950 148 25
                                    

"අර ලෙච්චමී අක්ක හොඳ පිස්සුවක් නටලනේ"

කෝල් එක ඉවර උනාම අපේ ළඟට ඇවිත් ඉඳ ගත්ත තේනු එහෙම කිව්වේ හිනා වෙවී, මේකාට නම් හිනා, දැන් ඉතින් අර මනුස්සයා එපැයි ගෙවල් වල මිනිස්සු අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ඕන. මෙයා ගිණි අවුලලා ඇවිත් මෙහෙ හොඳට හිනා වෙවී ඉන්නවා.

"අරුල් අයියා පව් තේනු, දැන් ඒ මිනිස්සු එයාව කන්න හදනවා ඇති"

"අනිත් අය කෙසේ වෙතත් සෙල්වි නම් බෙලි කටු මල්ල හොලවනවා ඇති"

තේව්ට තාමත් ඒ කටේ සද්දෙ අමතක කරන්න බෑ වගේ.

"නෑ නෑ බය වෙන්න එපා,ආරු අයියා ඉදල තියෙන්නේ සෙල්වි අක්කට කැමති නෑ කියලා කියා ගන්න බැරුව.දැන් හැමෝම අහද්දි එයා කියල මං එක්ක එහෙම සම්බන්ධයක් නෑ මං විහිළුවක් කරලා තියෙන්නේ ඒ උනාට එයා සෙල්වි අක්කටත් කැමති නෑ කියලා "

"ඉතින්"

"ඊට පස්සේ ඉතිං සෙල්වි අක්කයි, එයාගෙ අම්මයි, තාත්තයි අරුල් අයියලාට බැනලා ඒ වෙලේම ගෙදරින් ගිහින්,කොහොමත් අයියගේ අම්මත් සෙල්වි අක්කට කැමති නෑලු"

"අයියට ප්‍රශ්නයක් නැතුව විසඳුනා නම් ලොකු දෙයක්"

හවසට පන්සල් ගිහින් බෝධි පූජාවක් තියන්න අම්මලා කට්ටිය කතා උනා. තේමිය අංකල්ලා හවසට පන්සලට එන්නම් කියලා ගෙදර යද්දි මමයි අම්මයි දෙන්නත් ගෙදරට ආවා.දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ.

සන්තූර් අංකල් ආච්චි අම්මා එක්ක පන්සලට එන්නම් කිව්ව,ශේන් අයියගේ අම්මත් එයා එක්ක බෝධි පූජාවට එයි. ශේන් අයියගෙ නැන්දත් එයාට නිතරම කතා කරල අපේ විස්තර අහනවලු, එයාගෙ බබෙක් අසනීප නිසාලු එයා මෙහෙ ආවෙ නැත්තේ.තූර් අංකල් කිව්ව විදියට අශෝක අංකල්ල තව දවස් දෙක තුනකින් ලංකාවට එයි.ඒ අස්සේ තූර් අංකල්ගෙ නංගිත් අපිව බලන්න ඕන කියලා ලංකාවට එන්න හදනවලු. හෙට අනිද්දට අංකල්ගෙ අම්ම, තාත්ත එක්ක මල්ලිත් නුවර එයිලු, එයාලත් වෙච්ච හැම දෙයක්ම දැනගෙන.....

පන්සල් ගෙනියන්න මල් කඩන්නත් ඕන. දිනූ ඇන්ටිලාගේ ගේ පිටි පස්සෙ වතු සුද්ද ගහක් තියෙනවා,ඒකේ මල් පිරිලා.තිසුරි ඒකේ මල් කඩද්දි මමත් ගිහින් උදව් කරා. දිනූ ඇන්ටි පොඩියට එළවළුත් වගා කරනව, කැරට්, ලීස්, මල් ගෝවා හොඳ සරුවට හැදිලා, මං දැක්ක අපේ අම්මත් ඇන්ටිගෙන් විස්තර අහගෙන ඔය එක එක දේවල් හිටවලා තියෙනවා. ඒවා දකිද්දී නම් ආස හිතෙනවා.තමන් මහන්සියෙන් වගා කර ගන්න දේක ඵල නෙලද්දි ඒක හරිම මානසික සතුටක්. කොළඹ ගෙදර ඉද්දිත් මගේ බැල්කනි එකේ පුංචි පුංචි මල් පෝච්චි අස්සේ මිරිස් පැල දෙක තුනක් හිටෙව්වම ඒවයෙ කරල් එද්දී ඒව දකින දකින සැරේට හිතට හරිම සතුටුයි. ඉස්කෝලෙ නිවාඩු නිසා දිනූ ඇන්ටිගෙන් අහගෙන මමත් එළවළු මොනව හරි හිටවන්න ඕන....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Où les histoires vivent. Découvrez maintenant