අද ඉතින් තූර්ය පුතා හා හා පුරා කියල දහම් පාසලකට ගොඩ වදින දවසනෙ, අම්ම කිරිබත් ඉව්වද දන්නෙත් නෑ.
ඉස්කෝලෙ යුනිෆෝම් තුන හතරක් තියෙන නිසා ශේප් එකේ ඒකක් ඇද ගත්ත.නැතුව ඉතින් සරම් පටලන් ගිහින් ගෙදර එනකම්ම ඕක අල්ලන් ඉන්න තමයි වෙන්නේ. අනිත් හතර දෙනාට නම් දහම් පාසල හුරු උනාට මට එහෙම නෑනෙ.
ලෑස්ති වෙලා කාලා බීලා, අම්මටත් වැදල මිදුලට එද්දී තිසූ ඉන්නවා මිදුලට වෙලා, ළමා සාරියක් ඇදන්, කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන.ඔක්කෝටම වඩා මගේ හිත ගියේ එයා අතේ තිබ්බ මල් වට්ටියට. කොතක් වගේ උඩට එන්න ලස්සනට අහුරපු සුදුම සුදු පාට මල් ජාතියක්. ඒ ටික පුදුම සුවදයි.....
"ගුඩ් මෝනින් තූර්ය"
"ගුඩ් මෝනින් තිසූ, මොනාද හලෝ ඔය මල්"
"මේ කෝපි මල්නෙ තූර්ය"
"මේ කෝපි මල්ද, මාර සුවදයිනෙ"
"හැමදාම හොදම මල් වට්ටියට ලකුණු දෙනවනේ, මට තමයි ඉතින් වැඩිම"
"කෝපි මල් මෙච්චර ලස්සන, සුවද ඇති කියල මං හිතුවේ නෑනෙ "
"මේ අවට ඕන තරම් කෝපි මල් තියනවා තූර්ය "
"ම්ම්ම්, කෝ මල්ලි"
"ඒ යකා හැඩ වෙනකම් තමයි අනේ මේ මමත් බලන් ඉන්නේ, එළියට බහින්න ගියාම මනමාලි වගේ, අනිත් අය ඇවිත් පහළ බලාගෙන ඇති "
"අනිත් අය කව්ද"
"ගිහාම බලා ගන්නකෝ "
ඒක ඇහුවා විතරයි කෙල්ලගේ මූණත් රතු උනා.බලමුකෝ එහෙනම් ගිහිල්ලම. අර පොඩි බඩ්ඩත් ටිකකින් ආවා, නැෂනල් කිට් එකක් ඇදන්. මූ නිකන් ආවේ දහම් පාසල් යන පොඩි එකෙක් වගේ නම් නෙවෙයි, දහයකට විතර ගහන්න යන ටැමිල් ෆිල්ම් එකක කැහැටු නළුවෙක් වගේ.සරමත් එක පැත්තකින් උස්සන්. හොඳ වෙලාවට ඇන්ටි මූට ඉස්කෝලෙ නමය වසර වෙනකම් ඇදපු සුදු පාට කොට කලිසම යටට අන්දලා තියෙන්නේ.
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ