අද සන්තූර් අංකල් නුවර එනවලු අම්ම එක්කයි, මං එක්කයි කතා කරන්න. ඒත් තාත්තගෙනුත් අද නුවර එනවා කියලා තිබ්බ මැසේජ් එකක් දැක්කම මං කලබල උනා. එයාට මාව බලන්න ඕනලු. ඒත් මං කැමැති නෑ එයා ආයෙත් අම්මගෙ ඉස්සරහට එනවට. ඒ නිසා එයාව තනියම හම්බ වෙලා කෙලින්ම කතා කරන්න මං හිතා ගත්තා.තාත්තා එන්නෙ අංකල් ගැන දැනගෙන නම් වෙන්න බෑ. එයා දැන ගන්න විදිහක් නෑ.
කෝවිලට යන්න කට්ටිය එන්න කලින් මන් පාරට ගියේ තාත්තව හම්බ වෙන්න. එයා පාරේ කාර් එක නවත්තන් ඉන්නවා මං යද්දිත්.
"සුදු පුතා"
මාව දැක්ක ගමන් තාත්ත ඇවිත් මාව බදා ගත්තා. මටත් නොදැනිම මගේ ඇස් වලට කදුළු පිරුණේ අපි ඉස්සර හිටපු හැටි මතක් වෙලා. වැරැද්දක් කරත් මේ ඉන්නෙ මගේ තාත්තනෙ....
"පුතා හොඳින් ඉන්නවා නේද"
"හ්ම්ම්ම්ම්"
"මං එක්ක තරහෙන්ද ඉන්නෙ"
ඒකට නම් දෙන්න උත්තරයක් නෑ.මට වත් හිතා ගන්න බෑ දැන් නම් තරහක් තියෙනවද නැද්ද කියලා.
"පුතා කැමති නැද්ද ආයෙත් කොළඹ ගිහින් ඉගෙන ගන්න, අපි අද ආවෙත් පුතා කැමති නම් අපි එක්ක කොළඹ එක්ක යන්න"
"අපි?"
මට උත්තරයක් නොදී තාත්ත කාර් එක දිහා බලලා හිනා උනා. එතකොට තමයි ඩ්‍රයිවින් ෂීට් එක පැත්තෙ දොර ඇරුනේ. ඒකෙන් බැහැලා ආවේ කොණ්ඩෙ කොටට කපපු ගෑණු කෙනෙක්.හරිම උද්දච්ච මූණක්. නපුරු පාටයි. මාව දැකලා මං දිහා හොඳට බලාගෙන අපි ළඟට ආවේ හිනා වෙවී.හැබැයි ඉතින් ඒක මවා ගත්ත හිනාවක් කියල ඇස් පේන ඕන එකෙක්ට තේරෙනවා.
"මෙයාද ඔයාගෙ පුතා මොහාන්, හරි ලස්සනයිනෙ"
ළඟට ඇවිත් මගේ කම්මුල රිදෙන්නම මිරිකලා කියද්දි මං ඈත් උනා.තාත්තා හිනා වෙවී බලන් ඉන්නවා. හිතේ ඇති එයාගෙ හොර ගෑනිව මං පිළි ගනී කියල.
"පුතා මේ මිනෝලි ඇන්ටි.එයා කැමති ඔයාව කොළඹ එක්ක යන්න, ඔයාගෙ පරණ ඉස්කෝලෙට ආයෙත් යන්නත් පුළුවන්. මෙහෙ ඉඳන් දුක් විදින්න ඕන නෑනේ සුදු පුතා"
මෙතන මේවා ඇහෙන්න ඉන්න තිබ්බෙ තේව්, එහෙනම් ඉතින් මේ දෙන්නම හොඳ පාරවල් ටිකක් කාලා කාර් එකත් කුඩු කර ගන්නව. කොළඹ අතෑරලා ආවේ දුකෙන් උනත් දැන් එහෙම නෑනෙ. දැන් මේ නුවරට මං බද්ද වෙලා. මට ආයේ කොහේවත් යන්න ඕන නෑ.
![](https://img.wattpad.com/cover/357480605-288-k161434.jpg)
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ