එල්ඊඩි බෝඩ් එකේ , කවුන්ට් ඩවුන් එක දහයේ ඉදන් අඩු වුනේ , ගවීෂ් ඇග බයික් බොඩි එක දිහාවට බර කරලා , බයික් එකේ බ්‍රේක් එක අල්ලන් ඉදපු අත ලිහිල් කරන්න ලෑස්ති පිට ට්‍රැක් එක දිහා බලද්දි..... හරි ... තුනයි....... දෙකයි.............. යෝ එක වැටෙන්න කලින්ම අරවින්ද්ගේ බයික් එක ස්ටාට් අප් එක අරන් ඉවරයි.... එව්ව් හොර කරන පෙරේතයා !!!! ගවීෂ් බයික් එක රේස් කළේ , අරවින්ද් ඒ වෙනකොටත් අල්ලලා තිබ්බ ගැප් එකට කුණුහර්ප මුමුණ මුමුණ.... ඌව අල්ලන එක ලේසි නෑ දැන්.... ස්ට්‍රේට් සර්කිට් ඒරියා එක තියෙන්නේ ස්පීඩ් එක හදාගන්න බව දන්න නිසාම ගවීෂ් , හෙන වේගෙන් බයික් එක රේස් රේස් කලේ බයික් එකේ ස්පීඩ් පවර් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන..... පපුවේ සෑහෙන වේගෙකින් ඇවිත් වදින හුළගට එන්නේ අමුතුම ගැම්මක්.....

රේසින් ට්‍රැක් එක හුරු වෙච්ච එක වෙනම කතාවක්, මිනිහට බය තියෙන්නේ අරවින්ද් අල්ලනවට වඩා පිටිපස්සෙන් එන මියුන් එක්ක ලොකු ගැප් එකක් හදාගන්න.... ඇයි ඉතින් මොකකින්වත් සෙකන්ඩ් වෙන්න අකමැති එකා මේකෙන් සෙකන්ඩ් වෙන්න කැමති වෙයිද ? ප්ෆ්ෆ්ට් ... නිකන් නෙවේ කියන්නේ මියුන් බයික් පදින විදිය හරිම කෙයාලස්..... !!

සර්කිට් කර්ව්ස් පාස් කරලා බයික් එකේ ඈන්ගල් එක කෙලින් කරගත්ත ගවීෂ් අයේ ස්පීඩ් එක වැඩි කළේ උපරිම වේගේ අල්ලගන්න... හිතුවා වගේම අරවින්ද්ට සෑහෙන තරමකට කිට්ටු කරගත්ත ගවීෂ් ඊළග සර්කිට් කර්ව් එකට ලෑස්ති උනේ ඇග පැත්තකට බර කරලා.... අරවින්ද්ට ඇතුළෙන් වේගේ මේන්ටේන් කරගෙනම වංගුව ගත්ත ගවීෂ් අන්තිමට ස්පීඩ් එක සමාන කළේ අරවින්ද් ආයේ ස්පීඩ් එක වැඩි කරද්දි... අහ් ! බොසා එන්නේ එහෙම නම් මාත් එහෙමයි හරි!! අරවින්ද්ගේ කසි කබල වගේද ඉතින් උගේ එක... දෙකම එක ජාතියේ උනාට මොකද ගවීෂ් ඒ දවස්වල ඇත්තටම ගත්තේ අරවින්ද්ට වඩා බැන්ඩ් නිව් මොඩ්ල් එකක්.... ඔව් ඒ දවස්වල ඩබලටම පුදුම උණක්නේ තිබ්බේ අනිත් එකාව පාස් කරන්න.... දැන් කියලත් වෙනසක් නෑ කරට කර රේස් කරන විදියට......

ගවීෂ් , ස්පීඩ් එක වැඩි කරලා අරවින්ද්ගේ පාත් එක ක්‍රොස් කරලා මිනිහාව ඕවටේක් කළේ ඊළග තත්පරේ ක්‍රොස් එකේ අනිත් පැත්ත සම්පූර්ණ කරලා අරවින්ද් ඌව ඕවටේක් කරද්දි.... ඩෑම්න්.. !!! කවුද ඒක හිතුවේ.... ගවීෂ් ඉක්මනට කර්ව් එකේ ඉන්සයිඩ් එකට අරවින්ද්ගේ පිටිපස්සෙන් ස්පීඩ් අප් කළේ ඒ වෙනකොටත් හිතින් පරාජය බාර අරගෙන... අරවින්ද් කිසිම ගේමක් නැතුව ගවීෂ්ට ඉස්සරහින් කර්ව් එකේ ඉනර් සයඩ් එක හරහා අඩුම පරතරේකින් ෆිනිශින් ලයින් එක පාස් කලේ එක අතක් උස්සලා ගවීෂ්ට නෝන්ඩිය දාන්නත් අමතක නොකර.....

- Plot 23 -Место, где живут истории. Откройте их для себя