පස්වන හිමිවීම 💙

1.1K 177 39
                                    

Day 02

ටොක්....ටොක්.....

ටොක්....ටොක්....

හරියටම දෙපාරක්... යාලුවෝ හතර දෙනාටම වෙන්වුණු තට්ටු කිරීමේ රහස් කේතය..... අලුත් දවසකට පායපු ඉර එළියට තාම මහිත්ගේ කාමරේට නම් රිංගගන්න බැරි වෙලා වගේ....
නිදිමත බේරෙන ඇස් පොඩි කර කර ගිහින් දොර ඇරපු මහිත් ආයෙම ඇඳට කඩා වැටුණා....... කාමරේට ආව නිකිත් මුලින්ම කලේ ජනෙල් වහගෙන තිබුණු විශාල තිර රෙදි දෙපැත්තට ඇදලා දාපු එක..... එක පාරටම මූණට වැටුණු ඉර එලිය නිසා ඇස් හීනි කරපු මහිත් අනික් පැත්ත හැරිලා කොට්ටෙන් මූණ වහගත්තේ නිකිත්ට බැනවදිමින්.....

"මට මෙතන උදේ අට වෙද්දි ඉන්න කියලා උඹ මහ පගයා වගේ නිදි....ඈ පගෝ දැන් වෙලාව කීයද දන්නවද????"

මුණින් අතට නිදාගෙන කොට්ටෙකින් මූණත් වහගෙන නිදාගෙන උන්නු මහිත්ගේ පශ්චාත් බාගෙට පයින් පාරක් එල්ල කරමින් නිකිත් කෑගැහුවා.....

"තව විනාඩි 10ක් දීපන්කෝ උට්ටෝ.....කෑ නොගහා හොඳ එකා වගේ ඔතනින් වාඩි වෙලා ඉඳපන්...."

ඇස් දෙක නොඇරම නිකිත්ට උත්තර දුන්න මහිත් ආයෙ බෙඩ්ශීට් එක ඇදලා අරන් ඒකට ගුලි වුණා.....

"හා හා නිදාගනින්කෝ එහෙනම්....අපරාදෙ කලින් ගියානම් අරූව පොඩ්ඩක් ටෝක් කරන්නවත් තිබ්බා...."

මෙච්චර වෙලා ගුලිවෙවී නිදාගෙන හිටපු මහිත් ඉද්ද ගැහුවා වගේ ඇඳේ ඉඳගෙන ඇස් පොඩි කරන්න ගත්තා.... අපරාදෙ කියන්න බෑ මේ ඔට්ටුවක් දිනන්න තියෙන උනන්දුව මුන්ට ඉගෙන ගන්නත් තිබුණනම්....මෙලහට මහිත් අභිමාන්‍ය රේමන්ඩ්ගේ නමත් රොකට් එකක් හඳට යැව්වා කියලා ලියවෙන්න උනත් තිබුණා....

"හරි හරි....උඹලගෙනුත් මාර වදයක් තමා තියෙන්නේ....නිදාගන්නවත් නෑනෙ....ඔච්චර කියන එකේ යමන්කෝ...."

"නෑ නෑ....උඹ නිදාගනින්...කිසි අවුලක් නෑ.... උඹට ඇහැරුණ වෙලාවක යමං....."

එක පාර නැගිට්ට ලැජ්ජාව වහගන්න හරිම ලස්සනට බෝලෙ නිකිත්ට පාස් කරපු මහිත් කොණ්ඩෙත් අතින් හද හදා බාතෲම් එකට ගියේ නිකිත්ගේ සමච්චල් හිනාවට මැද ඇඟිල්ල දිගු කරමින්.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now