තුන්වන හිමිවීම 💙

1.3K 215 39
                                    

සුදු පාට පොකට් කලිසමට කලු ටීශර්ට් එකකුත් ඊට උඩින් ලෙදර් ජැකට් එකත් ඇඳලා; කොණ්ඩෙට එයාලගෙ අලුත්ම නිශ්පාදනය උනු ENIGMA Hair Mist එකෙන් ටිකක් ස්ප්‍රේ කරගෙන අතින් අවුල් කරගත්තු මහිත් ඊළඟට වම් අතේ Cartier අත් ඔරලෝසුවත් බැඳගෙන කණ්ණාඩියෙන් පේන තමන්ගෙම රූපෙ විශ්ලේෂණය කරන්න ගත්තා.....

"ම්ම්ම්....ගුඩ්..."

කණ්ණාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය ගැන සෑහීමකට පත් උනු බැල්මකින් බයික් එකේ යතුර අතට ගත්තු මහිත් සිංදුවකුත් මුමුණමින් පහලට බැස්සා.....

සවින්ද එවපු ඇඩ්‍රස් එකේ තිබුණු ඇනෙක්ස් එක හොයාගන්න මහිත්ට මහ වෙලාවක් ගියෙ නෑ.... ඊලඟ පියවර මොකද්ද කියලා හරි අදහසක් නැතුව හෙමින් ඇනෙක්ස් එක පහුකරගෙන යන ගමන් මහිත් කල්පනා කළේ ඊළඟට මොකද්ද කරන්නේ කියලයි.........

කොල්ලා නම් ගෙදර නෑ වගේ......... තමන්ටම මුමුණගත්ත මහිත් පටු පාරක පිහිටලා තිබුණු ඇනෙක්ස් එක පහු කරන් පාරෙ කෙලවරටම ගිහින් ආයෙම බයික් එක හරවගෙන තරමක් වේගෙන් ආවෙ ආයෙම ගෙදර යන්න හිතාගෙන.....

බ්රාස්............

ඇනෙක්ස් එක දිහා බලාගෙන ආව මහිත්ගෙ දර්ශන තලේට පාර පැනපු බලු තඩියා මගෑරුණා....මහා සද්දයක් එක්ක බ්‍රේක් ගහපු මහිත් පාර දිගේ ඇතිල්ලිලා ගියේ බයික් එකත් එක්කමයි....

"ම්ම්ම්හ්....ආහ්හ්...ස්ස්."

"අයියේ අවුලක් නෑ නේද...."

විනාඩි ගාණකට පස්සෙ මූණෙ ගෑවුණු සීතලක් එක්ක හෙමි හෙමින් ඇස් අරින මහිත්ට නුහුරු කටහඬකින් අහනවා ඇහුනා....

"අහ්...ලොකු අවුලක් නෑ මල්ලි... අහ්...ස්ස්...ම්ම්..... මොකද වුණේ මට????"

"අයියා වැටුනු වෙලාවෙ ෆේන්ට් උනානෙ..... වටේ හිටපු මාමලා දෙන්නෙක් එකතු වෙලා තමා අයියව මෙහෙට ගෙනාවෙ...."

බයික් එකෙන් වැටුනා මදිවට කලන්තෙත් දාලලු....හතර විලි ලැජ්ජාවයි...අරුන් ටික දන්නවනම් පෙරළි පෙරලි හිනාවෙයි....ඇතිවුණු ලැජ්ජාව මතක් වෙද්දි මහිත් කන්පෙති පවා රතු වේගෙන ආවා....

හිමි අහිමි 💙 Completed ✔Tempat cerita menjadi hidup. Temukan sekarang