දෙවන හිමිවීම 💙

1.7K 252 70
                                    


බස් එකේ දැක්කේ...
මා හා සිනා පෑවෙ.....
පුසුඹේ බැරුවා.... මා ළඟින් වාඩිවුන්නේ...
ජනේලෙන් අහක බැලුවේ...
මා දෙස හොරෙන් බැලුවේ.....
කොටුවට ටිකට් ගත්තේ....
ඒ ළඟම හදත් ගත්තේ.....

ක්ලාස් එක පටන් ගන්න තව පැය බාගයක්ම ඉතුරුයි.... හැම පන්තියකම අන්තිම පේලිය මෙහෙම තමා...දවසකට  රොමේශ් සුගතපාල, දවසකට ශශිකා නිසංසලා....ඇයි සමහර දවස්වලට මාස්ටර් අමරදේවත් එනවා....අද නම් ෆන්කි ඩර්ට්ලා ඇවිත්....

හෝල් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති තරම් ළමයි... පොදුවේ කරන පේපර් ඩිස්කසින් ක්ලාස් එකක් නිසා ෆස්ට් ශයි...සෙකන්ඩ් ..තර්ඩ්...මේ ඔක්කොම ළමයි මේ අස්සෙ පිරිලා.....

"අඩේ සවියා...බලපංකෝ අරකි.......හම්මේහ්...කෝමද වනන වැනිල්ල....."

"මෙලෝ රහක් නෑ බං... ඕකි පාර දෙක තුන රන් කරන එකියක්....."

"ඉතින් කවුද කිව්වෙ පවුල් කන්න ඕනි කියල පගෝ....."

" අර ඉස්සරහ ඉදන් 8 වෙනි පේලියෙ ඉන්න කණ්ණාඩි දාපු එකී මගේ ඈ....එකෙක්වත් ඉල්ලන්න එන්නෙපා ඕං...."

"නවත්තපල්ලකො හුත්තො උඹලගේ කන් කරච්චලේ..... ආව ගමන් ගෑනු තෝරන්න ගත්තා මෙතන..."

මෙච්චර වෙලා පාට පාට ගෑණු ළමයින් තෝර තෝර අයිතිය බෙදාගන්න බැරුව කියෝගත්තු තුන් කට්ටුව මහිත්ගෙ එක වචනෙට කටවල් සිප් කරගත්තේ නිකම් බොරුවට මහිත්ගේ කේන්තිය අවුස්සගන්න ඕන නැති නිසා....

අන්තිම පේලියට පේලි දෙකක් ඉස්සරහින් එක පෙලට උන්නු කොල්ලො හතර දෙනා ක්ලාස් එකේ VVIP ලා කිව්වොත් වැරදි නෑ.... Agarwood නැත්තම් සිංහලෙන් කිව්වොත් වල්ලපට්ට වලින් ලෝකෙම අල්ලගත්තු ENIGMA  පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ අනාගත අයිතිකාරයා මහිත් රේමන්ඩ්.... සුප්‍රසිද්ධ අගවිනිසුරුවරයෙක්ගෙ පුතෙක් උනු නිකිත් දිසාසේකර.... යෞවන කටයුතු හා ක්‍රීඩා භාර ඇමතිතුමාගෙ බාල පුත්‍ර රත්නය උනු සවින්ද කැකුණවෙල...... Avenra හොටෙල් චේන් එකේ ඊලඟ අයිතිකාරයන්ගෙන් කෙනෙක් උනු ඉරෝශ් මනතුංග..... ආයෙ දෙකක් නෑ....බෝයිස් ඕවර් ෆ්ලවර්ස් එකේ F4 ටීම් එක වගේ..... නැත්තම් අපි රජ ඉබ්බෝ වගේද... කොහොම නමුත් රිදී හැන්ද කටේ ගහන් ඉපදිලා උන්නු මේ හතර දෙනාට කිසිම දේකින් අඩුවක් කියන්න තිබුනෙ නෑ......ඉගෙන නොගත්තත් කිසිම අඩු පාඩුවක් නැතුව ඉන්න පුලුවන් වාසනාවන්ත ජීවිත....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now