" මුට..... මෙහෙම....... වේගෙන්........... ගහල...... මදි........  එදා.......කිව්වම...... දිගටම..............දිගටම.............. " ගවීෂ් වචනෙට එක ගානේ ලී ජනේලෙට තඩි බෑවේ අරවින්ද් මේ මොන විකාරයක්ද ගානට බලන් ඉද්දි.... මරු ඩබලනේ මිශන් එකට සෙට් උනේ.....

" ඔය ඇති යකෝ !! අගුල ඇතුළෙන් පැනලා තියෙන්නේ... " ගවීෂ්ගෙ බෙල්ලෙන් අල්ලලා ඌව පැත්තකට කරපු අරවින්ද් සාමකාමීව ඊළගට බැලුවේ ජනේලේ හරහා ගහලා තිබ්බ යකඩ බට දිහා.... ඌ ඒක ඇද කරන්න කලින් ගවීෂ් ආයේ මැද්දෙන් පැන්නේ අත් දෙකත් ගස ගස....

" උබලා වගේ සියුමැලි රෝසමල්වලට ඕවා බැ....කෝ අහකට පලයන්..... " ගවීෂ් කිව්වේ මැද්දෙන් තිබ්බ යකඩ පොලු දෙක අත් දෙකෙන් අල්ලගෙන.... මුගේ පණ්ඩිතකම එක්ක වාද කරන්න ගියේ නැති අරවින්ද් , අත් දෙකේ මකුණුදැල් දූවීලි ගාගන්නේ නැතුව පැත්තකට උනේ , ටිකක් වෙලා සන්සුන්ව ඒ දිහා බලාගෙන ඉදපු  ගවීෂ්ගේ ඇස් රතු පාට වෙද්දි.... එයා ඒ බලජාන ශක්තිය ක්‍රියාත්මක කලා....

" බලාගනින්... මෙන්න මේම දෙපැත්තෙන් අල්ලලා....... මේන් මෙහෙම පුළුවන් තරම් දෙපැත්තට ඈත් කරන්න ඕනේ..... එතකොට මේ මැද ඉඩ ඇතිද උබට ? "  ගවීෂ් වැඩේ ඉවර කරලා ඇහුවේ  ගැම්මට අත් දෙක ගසන ගමන්.....

"  ඔය ඇති !! වරෙන්... " ගවීෂ් කොච්චර ඩබල් මීනින් කිව්වත් ඒක තේරුන්නැති අමු ගවයා අරවින්ද් ගොනා සේ කිව්වේ ගවීෂ්ගේ හිනාව කටින් පනිද්දි.... නෝන්ඩි වෙන්නම ඉපදුන එකෙක් !!. එව්ව්....අමු ගවයා ..... ගවීෂ් ඒ ජනේලේ අස්සෙන් අරවින්ද්ගේ පස්සට පයින් එකක් ඇන්නේ අරවින්ද් ඉස්සරහට විසි වෙද්දි..... ඒත් , අරවින්ද් ඇතුළට ගිහින් ආයේ එබුනේ නැති නිසා ගවීෂ් ටක් ගල ජනේලෙන්  ටෝච් එක ඇල්ලුවේ , ටිකක් විතර පහළින් අරවින්ද් සාප කරපු සද්දෙට...  ෆක්!!! ඒ ජනේලේ තියෙන්නේ පොළොවට නෙවේ....ඒ ජනේලේ එක එල්ලේ බිම තියෙන්නේ පොළොව මට්ටමෙන් පහළට.... අඩෝ කොන්ද ලෙෆ්ට්ද දන්නෑ ???

" ගවීෂ් !!! තො අහුවෙයන් මට... දකුණු අත !!! &$-#&#-#* !!! හු%$$ !! " අරවින්ද් නහයෙන්ම බෙරිහන් තිබ්බේ ගවීෂ් ඔළුවට අත තියාගනිද්දි... හරිනේ හරිනේ.... ඔය කලේ මක බාස් වැඩේ....

" ඔතනින් එහාට වෙයන් මම පනින්න... " ගවීෂ් අරවින්ද්ට කැගැහුවේ දෙපාරක් හිතන්නැතුව අස්සෙන් රිංගන ගමන්.... අස්සෙන් රිංගුවට මොකද මිනිහා යකඩ පොලු අල්ලගෙන බිත්තිය දිගේ එල්ලුනේ ටෝච් එකත් කටේ ගහගෙන... අහ් , මහ උසකුත් නෙවේ හැබැයි .. අරුගේ ඉතින් ඇත්තේ වාත්තු කරපු සුකොමළ අත පයනේ.... ගවීෂ් හෙන ගැම්මට බැලන්ස් එකේ පොළොවට කකුල් තිබ්බේ අරවින්ද් දූවිලි ගහ ගහ නැගිටිද්දි.... කියන්නත් වගේ මිනිහා දකුණු අත ඇගට තද කරලා නවාගෙන..... මැණික් කටුව හරියෙන් පොඩ්ඩක් විතර ඩැමේජ් වෙන්නත් ඕනේ ඒ තියන් ඉදපු හැටියට.....

- Plot 23 -Where stories live. Discover now