" අඩෝ මේ ....මේක කඩන්න බැරි එකක්... දැන් මේකේ යතුරු කොහෙන්ද හොයන්නෙ ?? " ගවීෂ් කෙදිරුවේ උගේ අතටත් වඩා තඩි ඉබ්බව අල්ලලා බලන ගමන්...

" යතුරු තිබ්බා අපි ගාව........  " අරවින්ද් කිව්වේ ඉබ්බා දිහා බලාපොරොත්තු කඩවුන බැල්මක් දීලා... අවාසනාවකට මේ මැන්ශන් එකේ යතුරු කැරැල්ලම අරවින්ද් තියලා තියෙන්නේ එයාගේ ලාච්චුවේ... උරුමයක් කියලා යතුරු එකක් දෙකක් නෙවේනේ... උරුමයකට ඇරෙන්නෙ නැති දොරක් තියෙන්නත් බැහැනෙ... ඒත් මේ මැන්ශන් එකේ යතුරු තාම තියෙන්නේ අරවින්ද්ගේ ලාච්චුවේ... මොකද මියුන්ට දහ අට සම්පූර්ණ උනාම එයාගෙ අතට දෙන්න හිතන් ඉදිය යතුරු දෙන්න කලින් කොල්ලව එළියට යැව්වෙත් උන් දෙන්න එකතු වෙලානේ....

" ඉතින් යතුරු තියේ නම් ඇරපන්...? "

" මං ගාව දැන් යතුරු තිබ්බා නම් මම මෙතනට වෙලා බලන් ඉන්නවද හු## , වරෙන් යන්න...... " අරවින්ද් ඒ කිව්වේ ගවීෂ්වත් ඇදන් බංගලාවේ පැත්තකට යන ගමන්... ඔව්ව් ඌ හිතුවා වගේම පැත්තේ ජනේලේ ගාව නැවතුන අරවින්ද් ගවීෂ්ට ජනේලේ සන් කලේ ගවීෂ් මොළේ හොද නැද්ද අහන්න උගෙ මූණටම ටොච් එක අල්ලද්දි....

" ටව්කම්ඩ වීෂ් !!! " අරවින්ද් ටෝච් එක උදුරලා ගත්තේ ගවීෂ් මෙතන පිස්සු කෙලින එකට සාප කරලා....

" මොකා කිව්වා ???  වීෂ් ??  හහා සෝ බුටිපුල්... සෝ එලෙගන්ට්.... ජස්ට් ලුකින් ලයික් ද ආආව්ව්ව් !! " ගවීෂ්ට වාව් වෙනුවට ආව් ගෑවුනේ අරවින්ද් උගෙ බඩට වැරයේ එල්ල කල පහරට.....

"  හැමිනෙන්නැතුව ඔය ජනේලේ කඩපන්.. "

" මට කියන්නේ ටෝ කඩපන්... "

" මේකෙ අයිතිකාරයා උබට ඇරියස් නෑනේ !!! උබ මේකේ මොක පොළොවේ ගැහුවත්... අපි කැඩුවමනේ උට දිරවන්නැනෙ , ඒ පාර ජනෙල් කඩපු එකට පෙනේ පුප්පගත්තම ඉදපන්කො සද්දෙ වහල... " අරවින්ද් කියාගෙන කියාගෙන මියුන්ගේ බර්ඩ්‍රොමිඩා කෙනෙක් බව දැන ගත්ත දවසේ ඌ කොන්දට කරපු වින්නැහිය ගවීෂ්ට මතක් කරලා දීලා....

" හපෝ.... ඉදපන් එහෙනං මං කඩන්න... පොඩි ඇරියස් එකකුත් තියේ ඕකා එක්ක... " ගවිෂ් ගැම්මට ඉදිරිපත් උනේ උගෙ අතේ පයේ හිරි ඇරගෙන.... අරවින්ද්ව හෙන ශෝ එකකුත් දාලා පස්සට කරපු කොල්ලා කෙලින්ම වහලා තිබ්බ ලී ජනේලේට ගැහුවේ ගහපු පාරේ සැරේටම අගුල ඇදවෙද්දි.... අහ් !! හපෝ වැඩි දෙයක් නෑනේ.... ඒත් කමක් නෑ.... තව ගහනවා..... ගවීෂ් දෙවෙනි ශොට් එකත් ගැහුවේ පුළුවන් තරම් වේගෙන්....

- Plot 23 -Where stories live. Discover now