• මතක •

46 10 6
                                    

කලුවර රාත්‍රියක පිහි තුඩු මෙන් වැටෙන වැහිපොද මැද්දෙන් නව යොවුන් වියෙ පෙනුමක් ඇති පිරිමි ළමයෙක් පාලු මාර්ගයක වේගයෙන් දුවන්න වුනා. මධ්‍යම රාත්‍රිය නිසාවෙන් කිසිම පාරක සතෙක්වත් නොහිටියෙ ඔහුට යා ගන්න දිහාවක් නැති වෙද්දි.

" හ්..හ්-හ්ම්.. ආහ්! "

වේගයෙන් හුස්ම ගනිමින් වැහිපොද කපාගෙන දුවන් ආව තරුණයව පෙරලුනෙ තවත් දුව්ව තරම් හයියක් ඔහුගෙ කකුල්වලට නැහැ වගෙ අඟවන්න.

" ආහ්හ්හ්!! "

මහ පාර මැද්දෙ පෙරළි වැටුන තරුණයා වේදනාවෙන් කෑ මොර දෙන්න වුනා. ඔහුගෙ දෑස් රතු වී තිබුනෙ ඔහු ඇඩු වාර ගණන ගණන් කරන්න පවා නොහැකි තරමින්.

වැහිපොදෙන් හේදි යන කම්මුල් දිගෙ තවත් උණුවෙන් කඳුලු පිට කෙරුව තරුණයගෙ දෑස් බයෙන් ගැහෙන්න වුනෙ ඔහු දිහාවට ඈතින් එන වාහනයක් නිසයි.

තමන් මිය යන බව දැන දැනත් ඔහු නැගිටියෙ මහා පාර දිගෙ දුවන්නයි. එහෙත් එක වර යමක් වාහනයෙ ඉදිරි පස ගැටුනෙ මහ පාර මැද වතුර විලක්ව තිබු වලවල් ලේ පැහැයට හැරෙද්දි. වේදනා දෙන කකුල් පිලිබද තවදුරටත් ඔහුට දැනුනෙ නැ.




















• සාරා •

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Feb 03 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

𝐈𝐀𝐍 | 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐟𝐟 »Opowieści tętniące życiem. Odkryj je teraz