ගවීෂ් උගුර පැදුවේ අරවින්ද්ට කතා කරන්න කියලා වැලමිටෙන් අනින ගමන්.. කෝමටත් , පොඩි ළමයෙක්ට ඉන්නේ වාශිත් විතරයි... පොඩි කිව්වට මේකා මෝරලා තියන තරමට එයාව උනත් මේ දේවල් එක්ක ටච් එකේ තියන්න ගවීෂ්ට බයක් නැහැ.. නැත්තේමත් නැහැ.. ඒත් , අඩුම තමන්ගේ අය්යා තාම එනකං බලන් ඉන්න පොඩි එකා ඇත්තටම වේඝර්ණලාට හය්යක්.. විශේෂයෙන්ම ගවීෂ්ට ඩියෝනුත් , ඩියොන්ට ගවීෂ්නුත් විතරක්ම ඉතිරිවෙලා ඉදිද්දි.. ගවීෂ් ඒ කල්පනාවෙන්ම පොඩි එකාගේ ඔළුව අතගාලා , ඔළුව ඉම්බේ වාශිත් ඔළුව උස්සලා ගවීෂ් දිහා බලද්දි... පොඩි එකාට හෙන ප්‍රශ්න වගේ...

'' මම හිතුවට වඩා නිශ්ශබ්දයිනේ...'' අරවින්ද් ඇහුවේ තාම කවුරුත් හ්ම් සද්දයක් නැති නිසා...

'' ඒකනේ....'' ගවීෂ්නුත් නළල රැලි කලේ මෙතන බලාපොරොත්තු වුන මරාගැනිම වෙනුවට කට්ටිය රවාගෙන රවාගෙන හරි රවුමට වාඩි වෙලා උන්න විදියට.. කෙල්ලො ටිකත් ආවා නම් පට්ට... ඒත් උන් ටික එකතු කරගන්න එක මේ වගේ නැ... කෙල්ලොන්ගේ හැටිනේ කියලා තමා අපේ උරුම දෙක ඒ ගැන හිත හදාගත්තේ....

'' අපි ටිකක් අදුරගමුනේ... ?'' 

'' නිකන් ඉදපන්.. ඔය ඕපදුප දන්නේ හෙන කාලෙක ඉදන්.. '' ගවීෂ්නුත් අරවින්ද්ට මිමිණුවේ එයාලා දෙන්නා දිහා බලන් ඉන්න පරම්පරා දෙකේ කොල්ලො දිහා බලාගෙන...

'' උබම මොනාහරි කියපන්...''

'' උබනේ වැඩිමල්... ''

'' තමුසෙට මොකද කවදාවත් නැතුව මෙතන ඒක මතක් වුනේ ??? ''

'' පලයන් එළියට එහෙනං....''

'' ගස් ගද ටෙන්ට් එකක් අස්සට ආවාට අපිටයි ගහන්න ඕන.....-''

කට්ටියම මාරුවෙන් මාරුවට බෙල්ල හරව හරව බලන්නේ මෙතනට වෙලාත් මුමුණ මුමුණ බැනගන්න එයාලාගේ අනාගත උරුමයන් දෙක දිහා...

'' ශ් ශ් !! අක්කලා ඇහැරෙයි..'' සනෝශ් මතක් කලේ ආයේ ටෙන්ට් එකම සයිලන්ට් කරන අතරේ...

'' දැන් නං ඇහැරිලාත් ඇති.. '' එහෙන් පොඩි එකා වාශිත්නුත් මහදැනමුත්තා වගේ කියවනො....

" ගවීෂ් සීල් කරපන් එහෙනං කෝකටත්..... " අරවින්ද් සන් කලේ ගවීෂ් ටෙන්ට් එක වටේ සැලකිය යුතු දුරකින් තරංග සීල් කරද්දි.... දැන් හරි !! එයා විතරක් වින්ට ජැකට් එකක් දාගෙන කොන් වෙන බැරිකමට ගවීෂ්  ඒකත් ගැලෙව්වේ පැත්තක ඉදපු මියුන්ට ඒක පාස් කරන ගමන්... ඒකා මේ අස්සෙත් ෆෝන් එකේ ටෝච් එළියෙන් පොතක් කියවනවා වෙන කිසිම දෙයක් අදාළ නෑ වගෙ... හැපෝ.. පොත් ගුල්ලා......

- Plot 23 -Where stories live. Discover now