" මේ මේ... අපේ කොල්ලා ඉදල ඉදල දියුණු උනාම උදලු දාන්න එන්න එපා හරිත.... උබලා දන්නෑ මූ සුදු මාමාට දීපු ටෝක් එක.... කැහ් කැහ්... "

" ඇයි ?? "

" මට පාඩුවේ ඉන්න දීපන් කියන්නේ ආඩම්බරකාර මිනිස්සුන්ගේ භාෂාවෙන්, මං තනිවෙන්න කැමති නෑ මාව හොයාගන්න කියන එක නෙවෙයිද ? කැහ් කැහ්..... පේනවනේ ඉදපු විදිය නෙවේ, දැන් ඉන්න විදියයි වැදගත්... " ගවීෂ් ඩ්‍රැමටික් ටෝන් එකෙන් ඇක්‍ට් කරලම පෙන්නුවේ ඩියෝන් දිහා බලාගෙන.... වේඝර්ණලගේ කටවල් වහන්න බෑ කියලා දන්න මිනිහා අත් දෙකෙන්ම මූණත් හංගගෙන....

" ඔව් ඔව්. ඉස්සර කෙල්ලො පස්සෙන් ගිහින් ජූස් නාපුව අදාළම නැ.. ඒවා මතක් උනාම දැන් කෙල්ල එක්ක ජූස් එකක් බොන්න හිත හදාගන්න පුළුවන් නම් ඒකයි වැදගත්... අර අර... මතකද ගවීෂ් අය්යේ පාර මැද්දේ කාපු කම්මුල් පාර ? "

" අහ්හ් !! අර අලුත් කැල්ල එක්ක පාරේ යනකොට එතකොට ඉදපු සුදු අම්මියාව මූණට හම්බුවුන එකනෙ.. "

" ඔව් ඔව්... කෙල්ලො දෙන්නාගෙන්ම කම්මුල් දෙකට දෙපැත්තට චටාස්නෙ.. ඒව මතක් වෙනකොට අර කෙල්ලගේ අතින් අල්ලන්නත් සෑහෙන ගට් එකක් තියෙන්න එපැයි.... "

" ආශදී !!!! " ඩියෝන් සුදුමැලිත් වෙලා.... අන්නහ්.... පව් ප්‍රේමවන්තයා...

" හා හා බය වෙන්න එපා , බ්‍රෝ අපි එයාට මේවා කියන්නෑ...හැබැයි කෝ දැන් මාත් එක්ක ෆිට් කියපන්.. " ගවීෂ් කිව්වේ ඩියෝන්ගේ සුදුමැලි වෙලා තිබ්බ කම්මුල් දෙක අල්ලලා තවත් මිනිහව බයිට් කරන අතරෙ..... ඩියෝන් අහක බලාගත්තේ ගවීෂ් ආශදීට ඇති කියල සන් කරද්දි.. තව ආතල් එකට ගත්තොත් මු අඩන්නත් බැරි නෑ... ඒ තරමට බය වෙලාද කොහේ කෙල්ලට අර ටික යවයි කියලා... එකත් එකටම සෑහෙන වස කෙල්ලෙක් වගේ මේ සැරේ නම් සෙට් වෙලා තියෙන්නේ....

" ඩියෝන්.... " කට්ටිය සන්සුන් වෙනකන් ඉදපු ගවීෂ් කතා කලේ , යන්තන් කට තද කරගෙන සීට් එකට හේත්තුවෙලා ඩියෝන්ගේ කරට අත දාගෙන... මේ සැරේ නම් කොල්ලාගේ කේන්තිය ටිකක් නිවිලා ...

"උබ මට කියන්නැතෙයි ? " ගවීෂ් ඇහුවේ ෆෝන් එකට ඉගි කරලා....

" එහෙම දෙයක් නෑ.... "

- Plot 23 -Where stories live. Discover now