" ඔහ්..... මේං මෙයාලා ??? "  සේරටම ක්‍රිෂ්ගේ කටින් පැන්නේ ආශදී ගවීෂ් දිහා බලද්දි... ගවීෂ් දැන් ඉන්නේ සෑහෙන අහිංසක ගානට, ඒ වුනාට උගෙ සන්ග්ලාස් එක පිටිපස්සේ තියෙන ඇස් දෙක කෙලින්ම එල්ල වෙලා තියෙන්නේ අරවින්ද් ආශාක්‍යසිංහ දිහාවට....

"  අහ්හ් ගස් ගදයෝ සැට් එකහ්..... "  ගවීෂ් කිව්වේ සන්ග්ලාස් දෙක යන්තන් පහළට කරලා.. ඌ කෝකටත් ඩියෝන්ගේ පපුවට අත තියලා උව පස්සට කරගත්තේ මෙතන ඉස්සෙල්ලම වලියට යන එකා ඌ නිසා....

" මේ මොන කරුමයක් ද!! " මෙවීනාගේ කටහඩේ සද්දෙට මෙච්චර වෙලා එයා බඩ්ස් දෙක ගහගෙන ඇස් පියාගෙන ඉදපු මියුනුත් පිටිපස්ස හැරුනේ අරවින්ද් එක පාරටම වගේ නැගිටිද්දි.....

" තමුසෙලා මොකද මෙහේ ?? "

" තමුසෙලාගේ කරේ ආවේ නැනේ ... " ඇහුවේ ගවීෂ්ගෙන් උනාට නොපමාව උත්තරේ නම් ඩියෝන්ගෙන්.... මියුන් ඒ සැරේ එයා බඩ්ස් දෙක ගලවලා අරවින්ද් දිහායි ටිකට් ටිකත් අතේ තියන් ලස්සනට වේඝර්ණලාව ලීඩ් කරන් ඉදිය එයාගේ පිස්සු කෝලමයි දිහා මාරුවෙන් මාරුවට බැලුවේ කොහෙන් කැරකිලා කොහෙටද වැටුනේ කියලා ඔළුවට මීටර් කරගන්න අතරේ....

"  අපි පිනට යන්න ආවේ නෑ.... තමුසෙලා වගේම ටිකට්ස් බුක් කරලා තියෙන්නේ...කෝ එන්න ළමයි ඇතුළට.... කරන්න දෙයක් නෑ කෙල්ලනේ කොල්ලනේ මේ ගස් ගද නම් ඉවසන්නම වෙනවා.... "  ගවීෂ් වේඝර්ණලාට කිව්වේ  දාන්න පුළුවන් සේරම කලර්ස් ටික දාගෙන ආශාක්‍යසිංහලගේ මැදින් උන්ව පාස් කරන් ඉස්සරහට යන අතරේ... පාර හරස් කරගෙන ඉදපු  අරවින්ද්ව පාස් කරන ගමන් ගවීෂ් ආයේ සැරයක් ග්ලාසස් දෙක පහත් කරන්නයි, කොණ්ඩේ හදන්නයිත් අමතක නොකළේ කටේ දාගෙන ඉදපු බබ්ල් ගම් එකත් හොදට පැත්තට දාලා හපන අතරේ.... මුන් හිතන් ඉන්නේ ටැමිල් ෆිල්ම් එකක රගපානවා කියලද ?

මෙච්චර වෙලා පිටිපස්සට එබිලා ඩ්‍රාම එක බලන් ඉදපු මියුන් ගවීෂ් එයාගේ සීට් එක පාස් කරන පරක්කුවට ඉස්සරහ හැරුනේ ඇස් දෙකෙන්ම කොල්ලව ෆලො කරන අතරේ... කලින් නම් මරන්න ගෙනියන බැටළුවෙක් වගේ උනාට දැන් නම් කොල්ලගේ තියෙන්නේ කම්මුල්වල මාංශපේශී වෙව්ලන තරමේ උනන්දුවක් !!!

- Plot 23 -Dove le storie prendono vita. Scoprilo ora