ගවීෂ් එහෙමම කලබලෙන් අහක බලන්න කලින් මියුන් එයාගේ ඔලුව පහත් කලේ ගවීෂ්ගේ නළල උඩින් දැනෙන නොදැනෙන ගානට තොල් තද කරල.... එයා නන් අගලක්වත් හෙලවුනේනැති උනාට මොකද, මියුන්ගේ නිදහස් අත නන් ගවීෂ්ගේ ඔලුව එයා දිහාවට නැඹුරු කරගත්තෙ සැහෙන ඉවසීමකින්.... මියුන්ගෙ දරාගන්න බැරි දේවල් ගොඩයි !! ඒ ලිස්ට් එක එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ කොහොමටත්.... විශේෂයෙන් ඊයේ ඉදන්...... මොකක්දෝ මන්ද නුහුරක්.. 

එක අතකට දේවල් මෙච්චරටම හොදින් වෙද්දි නිකන්ම බය හිතෙනව....එක්සැම් ඉවර උනාට පස්සේ කෝමටත් ඇතුළෙ වෙන දේවල්වලට මූත් මුහුණ දෙන්න ඕනෙ.... ඒත් , අරවින්ද්වත් එයාවත් තාම මාස තුනට හිතුව තරම් සාර්ථක නැ කියන්න ගවීෂ් දන්නව... සමහර විට , තව මාස ගාණක් යයි... සමහර විට අවුරුදු කිහිපයක් උනත්.... කෝම විසදෙයිද දන්නෙ නැති දේවල් අනන්තයි.....ඉතින් බයයි, අවිශ්වාසෙයි නිකන්ම ඔලුවට එන්න ඕනේ නේ ද ?

" ඕම තමන් ගැන ඩවුට්ස් තියාගන්න එපා... ගොට් ඉට් ??  " මියුන් ආයෙමත් කිව්වෙ අන්ද මන්ද වෙලා බලන් ඉදපු ගවීෂ්ට... ඉන්න !! කෝමද ඒක හරියටම කිව්වෙ ??  ඒක හරියට.....  එදා වගේ.... !! ගවීෂ් ,!!! උබ වචනයක්වත් කියන්නෙ නැතුව මේ යකා සේරම තේරුම් ගත්තේ එදා මාලෙ ගැලෙව්වම....ඒත්, ! ගවිෂ් කලබලෙන් මියුන්ගෙ ෂර්ට් එකේ කර එහාට කලේ මියුන්ට හිතාගන්න බැරි වේගෙකින්...... නෑ ඒ කළු නූල එහෙමමයි..... ඉතින් මාලේ සේෆ්... !  ඔව්ව් , ඉතින් ඇස් දෙකත් කළු පාටයි... ගවීෂ් ටිකෙන් ටික සන්සුන් උනේ , මියුන්ගේ ටී ෂර්ට් එකේ කර අත ඇරලා...

" මියුන්.... "

" කියන්න..."

" වෙන කවුරුත් උබට අත තියන්න ඕන නෑ .... "

" ඉතින් මම කාටවත් අත තියන්න දුන්නැනේ ??  "  මියුන් ආපස්සට ඇහුවේ , ගවීෂ්ගේ අතින් තද කරන ගමන්....

" හපන්න දෙන්න ඕනෙත් නෑ.... බලු කුක්කාටවත් ඕන්නැ...... " ගවීෂ් ඇඩ් කලේ ව්‍රිස්ට් වොච් එක දාපු මියුන්ගේ අත එහාට මෙහාට පෙරලන අතරෙ.... සුදු මාමා එයැයිට දීපු වොච් එක... තියල යන්නත් ලෝබයි ඉටිම්... ඒත් වටින දේකට කියල තියල යන්න පුලුවන් මෙච්චරයි...

- Plot 23 -Where stories live. Discover now