" ඩියෝන් අර අරවින්ද්කාරයව අද දවසටම දැක්කේ නැනේ... , මොනවා කරන්න ප්ලැන් කරනවද දන්නැ, දන්නවනේ ඕකුන්ගේ හැටි... " ගවීෂ් ගානෙට බෝම්බේ අතැරියේ ඩියෝන්ව ෆෝම් කරලා අරගෙන...

" මොකක්ද එතකොට වෙන්න ඕනේ ගවීෂ් අය්යේ ? "

" මේ හරියේ නම් නැ වගේ.. මෙහ්... හැබැයි අතන උන්ලගෙ සීයා ඉන්නවනේ... උ නැති එක සැක නැද ?  පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉදපන්කො.. උන්ගේ පරණ ඩෑල් එකේ මෙමෝරියල් එකනේ........ "

" හරි.." ඩියෝන් ප්‍රශ්න අහන්නැතුවම කිව්වේ වහා ක්‍රියාත්මක වෙන පරිදි සේවයට වාර්තා කරලා... ඩියෝන්ව යැව්වට පස්සේ ගවීෂ් අත් දෙකත් බැදගෙන එයාගේ ඇස් හීනිකලේ දෙපැත්තට බෙදිලා ඉදපු ආශාක්‍යසිංහලයි වේඝර්ණලායි  දිහා බලන ගමන්....  අද භාතිය ආශාක්‍යසිංහගේ සිහිවටන උත්සවය තමයි.... ඒත් වේඝර්ණලාගේ දෙවෙනි පරම්පරාව , සහය පෙළ , බර්ඩ්‍රේන් නුමුහුම් සේරම මෙතන... ආශාක්‍යසිංහලාගෙ පවා...ඒත් ම්.. නිශා අක්කා ඉන්නවා, මෙවීනා එතන... ක්‍රිෂ් ඉන්නවා... අහ් කොටින්ම නෑනලා ටික සේරම මෙතන ඉන්නවා... ඒත් කෝ අරවින්ද් ?  කෝ නිඹුල්ලො ඩබල ?

ගවීෂ් කෝකටත් වේඝර්ණලා අතරේ පිටිපස්සට උනේ , එයාට මාරුවෙන්න පුළුවන් තරම් අවස්ථාවක් හදාගන්න... මෙතන මොකක් සිද්ධ උනත්  ගවීෂ්ගේ අරමුණ ඒක නෙවේ... ඒත් කෝ !!! කෝ කියහන්කෝ අරුන්ගෙ මහ ලොකු උරුමය ???  සේරටම ඉස්සෙල්ලා ඌ නැතුව මක්කාද කියහන්කෝ කරන්නේ... ???  හොව්ව් හිටපන් හිටපන් ගවීෂ් උබ ඉස්සර ගේමක් ගැහුවේ ඌ ඉදිලද නැ.... ඌ ඉදියා කියලාත් කරන මගුලක් තියෙද ? ඒත් නැ... ඔන්න ඔහේ, කරන්න තියෙන්නෙ මෙච්චරයි.. මොන දේ උනත් ඒ ලියුමේ මියුන් ගැන වචනයක් හරි තිබ්බොත් සේරම ඉවරයි... එහෙම නෑ කියලා විශ්වාසෙන් කියන්න කිසිම හේතුවක් නැහැ... ඒක නිසා, ඒ ලියුම මේ ලෝකෙ කවුරුහරි කියවනවා නම් ඒ මේ ගවීෂ් වේඝර්ණාරච්චි විතරමයි...

වැඩේ සරලයි මෙයාලා මෙතන රණ්ඩුවෙන අතරේ මොනා හරි කරල ඇටෙන්ශන් එක වෙනස් කරලා ලියුම උස්සනවා... ඒකට අරවින්ද්කාරය ඔනෙද මිත්‍රවරුනි ??? නෑ නෑ.... කොහෙත්ම නැ..... ඉතින් ප්‍රධාන වැඩේ ලියුම උස්සන එකනම් , ඒකට ඉන්න පුළුවන් හොදම තැන...... ම්ම්... හරි !! වැඩේ සරලයි , මේ වගේ තැනක කට්ටිය නොමග යවන්න පුළුවන් එකම එක තැනයි තියෙන්නෙ, අවාසනාවකට උනත් , ඒ තමයි ප්‍රධාන ඍෂි තුමාගේ පූජනීය වැසිකිළි කුටිය !!..

- Plot 23 -Where stories live. Discover now