" එහ් මෙතූ...වෙන කොට්න් රෙදි නැනෙ අපි ගාව ? "

" දුඹුරු අල්මාරියේ තිබ්බ ටිකද ඔය ?" සුදු මාමා ඇහුවේ ඉන්න තැනින් නැගිටින අතරේ....

" යස් .... මේ ටික ඇති වෙයිද මන්දා ඒත්....." 

" ම්...... ඔයා ඔය ටික තියලා යන්නකෝ ළමයෝ... මම බලන්න.... "  මෙතුල කිව්වේ අවිනාශ් ඔලුව වනලා ආයේ කිචන් එකට යද්දි....

" කස්ටියම ඩිනර් ඉන්නවනේ ? "  අවිනාශ් ආයේ ඊළග වංගුවෙන් හැරිලා ඇහුවේ මෙතුල ඒකට හිනා වෙලා ඔලුව වනද්දි...  අවිනාශ් යනකන් බලන් ඉදපු මෙතුල ගවීෂ් දිහාවට හැරුනේ එයා ගවීෂ්ගේ මුරණ්ඩුකම් මෙල්ල කරන්න පාවිච්චි කරන බැල්ම හොදට මූණේ ඇදගෙන....

" සුදු මාමේ.... " ගවීෂ් කතා කලේ මූණ බෙරි කරගෙන.....

" මුරණ්ඩු වෙන්න ලෑස්ති වෙන්නැ ගවීෂ්... " සුදු මාමා ඒම තරවටු කරන්නේ හරිම සන්සුන්ව... ඒත් මොකද ගවීෂ් හොදටොම දන්නව ඒකේ භයානකකම... ඒ මදිවට අරවින්ද් දැන් ඌ දිහා බලන් ඉන්න විදියට හීන් දාඩියත් දානවා... අරවින්ද් දැන ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැ... කිසිම... උට ගානක් නෑ... කෝමටත් ඌ ඊට අන්ත විදියට තුවාල කරවල තියෙනේ... ඒත් උගෙන් මේක මියුන්ට ගියොත්..... -- 

" ඇයි එයාට මොනා වෙලාද ? " ඒ ඩ්‍රෑන් .....

ගවීෂ්ගෙ ඇස්වල තියෙන මලානික ගතියත් එක්ක මෙතුලයි අවිනාශ්නුයි තව දුරටත් කරන්නේ විහිළුවක් නෙවේ කියලා තේරුන නිසාමදෝ ක්‍රිෂ් පවා නළල රැලි කලේ ගවීෂ් දිහා බලන ගමන්....

" කෝ මෙහෙ එන්නකෝ දරුවෝ.. "

සුදු මාමා එයාට කතා කලත් ගවීෂ් ඔලුව දෙපැත්තට  වැනුවේ බෑ කියන්න..

" පස්සේ බලමුකෝ සුදු මාමේ.. " ගවීෂ් කිව්වේ ඇගට දැනෙන දුර්වල ගතිය මැඩගෙන... ඒත් ඒ පරක්කුවට එයාගේ බෙල්ලට නිකමග වගේ අත තිබ්බේ ක්‍රිෂ්...  එයාගේ නළල රැලි ගැහිලා.... ගවීෂ්ගේ ඇග පුරා පැතිරිලා තිබ්බ රස්නෙයි දුර්වලකමයි ක්‍රිෂ්  අදුරගන්න පරක්කුවට ගවීෂ් එයාව අතින් එහාට කලේ , සැහෙන දුර්වල විදියට...

ක්‍රිෂ් කලබලෙන් වගේ ඇහුවේ ගවීෂ්ගේ අත ඇදලා උඩට ගන්න ගමන්...  එයා ඒම කලේ පල්ස් එක බලන්න වෙන්නැති.. ඒත් ගවීෂ්ගෙ අල්ල පුරා තිබ්බ තුවාල ඊට කලින් ක්‍රිෂ්ගේ ඇහැ ගැටිලා ඉවරයි... එච්චරයි ...!!!

- Plot 23 -Where stories live. Discover now