තිස්හයවන දිගහැරුම ~

525 36 4
                                    

නදියි සනුදියි දෙන්නම බය වුනා රූම් එකේ පුටුවක ඉදගෙන ජගත් එක්ක හිනා වෙව් කතා කරන කෙනාව දැකලා

"නදුන් "

නදීගෙ කටින් ඒක විතරයි පිටවුනේ නදුන් හැරිලා ලොකු හිනාවකින් නදීව පිලිගන්න ලගට ආවා ඒත් සනුදි නදීගෙ ඉස්සරහ ආවා

" ටිකක් දුර ඉදන් කතා කරන්න වැඩිය ලගට එන්න ඕනේ නැ අපිට ඇහෙනවා "

"හනේ හනේ මේ පුංචි කෙල්ල "

" මන් පුංචි නැහැ "

නදී සනුදිගෙ අත අල්ලගත්තා

" ඔයා මොකද මෙතන මන් කිව්වා එදාම මේ සේරම අත් හරින්න කියලා අ මන් කෙනෙක්ට දැන් ආදරේ කරනවා "

"මන් දන්නවා නදී මන් ආවෙ සමාව අරගන්න ඒ වගෙම ස්තූති කරන්න "

" මොකටද ස්තූති කරන්නෙ "

"එදා ඔයා මාව ප්‍රතික්ශේප කරයින් පස්සෙ මගේ ජීවිතේ තියෙන ඇත්තම සතුට මට හම්බුනේ "

"මොකක් ඒ කොහොමද "

"මන් එදා කේන්තියෙන් පාරෙ යද්දි බ්‍රේක් කැඩිච්ච කාර් එකක් මන් ලගට ආවා මන් දැක්කෙ නැහැ කෙනෙක් මාව ඇදලා අරගෙන බේරගත්තා එදා දවසෙ ඒ දැනුන හැගීම එක්ක මන් එයත් එක්ක සදහටම ඉන්න තීරනේ කලා "

"වෝ මරුනෙ කවුද ඒ වාසනාවන්තිය "

" ම් වන්තියක් නෙවෙ වාසනාවන්තයෙක් ඇත්තටම මමයි වාසනාවන්තයා මට එයාව හම්බුනේ ඔයා නිසා ඒකට ස්තුති කරන්න ආවෙ ඒ වගෙම මගෙ තාත්ත කරපු වැඩ වලට සමාවගන්න "

"ම් කවුද ඔයාගෙ තාත්තා "

"විමල් හෙට්ටිආරච්චි "

"මොකක් තමුසෙ ඒ මිනීමරුවගෙ පුතාද"

"සනුදි ඔහොම කතා කරන්න එපා "

"එපා නෙමෙ අක්කේ ඒ වදකාර මනුස්සයා අපේ ජීවිතෙන් ගියයින් පස්සෙ එයාගෙ පුතත් ආවද අපේ ජීවිතේ විනාස කරන්න "

"මෙ අහන්නකො මන් අන්තිමට තාත්තව දැක්කෙ මට අවුරුදු 6දි තාත්තා අම්මව මරලා ගෙදරින් පැනලා ගියා එයාව පොලිස්සියෙ අය බාරගත්තත් පිස්සන් කොටුවෙ දාන්නෙ මොකද තාත්තට මානසික ලෙඩක් නිසා එහෙදි හොද වුනා වගෙ රගපාලා ආයෙ එනවා "

My Teacher || GL ||Wo Geschichten leben. Entdecke jetzt