තිස්පස්වන දිගහැරුම ~

280 25 17
                                    

පස් දෙනා ඉක්මනට හොස්පිටල් ගිහින් ශයිනිවයි , ජගත්වත් ඇඩ්මිට් කලා මොකද තුවාලයිනේ කවිදුයි බෙහෙත් දාගන්න කියලා ගියා නදී කෝල් එකක් දාලා සනුදිටයි එයාගෙ පවුලෙ අයටයි එන්න කිව්වා

සනුදි හොදටම බය වෙලා ආවෙ නදීටයි කවිදුටයි ලොකුවට තුවාල වෙලාද කියලා නදී ලගට දුවගෙන ගිහින් එයාව චෙක් කලා

"අක්කෙ ඔයාට තුවාල නෑනේද අ කො අයියයි අක්කයි "

"මටනම් කිසිදෙයක් වුනේ නැහැ ශයිනියි කවිදුටයි ජගත් අංකල්ටයි නම් තුවාලයි ඒ දෙන්නා බෙහෙත් දානෝ "

"අනේ දෙයියනේ එහෙදි මොකද වුනේ "

නදී ජයනිවයි සනුදිවත් තාත්තවයි වාඩි කරවලා විමල් ගැනැයි ජගත් ගැනයි දෙන්නගෙ කතාව හම්බුන වෙලාවෙ කිව්වා

" දෙයියනෙ ඒ කියන්නෙ මේ ඔක්කොම විමල් කලේ මහ ජැරා මිනිහෙක් නෙ අපිත් එක්ක හොදම යාලුවා වගේ ඉදලා ඒ යාලුවොන්වම මැරුවා "

"ඒකනේ අම්මෙ එයාට දඩුවම් ලැබුනා එයා මැරුනා ජගත් අංකල්ව පොලිස්සිය එක්කන් යන්න හිටියත් බරපතල තුවාල අනික එයා මිනීමරුවෙක් නෙවෙයි නිසා දසුන් ජගත් අංකල් හිරේ යන එකෙන් බේරගත්තා "

"දුව ඇත්ත දැනගත්තයින් පස්සෙත් ජගත්ට අංකල් කියනවද "

"අ ඒක දැන්ම කතා නොකර ඉමු නේද අම්මේ මට හිතා ගන්න බැහැ කොහොම React කරන්නද කියලා "

හතර දෙනා මෙහෙම කතා කර කර ඉද්දි කවිදු බෙහෙත් දාගෙන එයලා ලගට ආවා ජයනි කවිදුව දැකලා ඉක්මනට ලගට ගියා

"දෙයියනෙ මගෙ කොල්ලගෙ හැටි හැමතැනම තුවාල බැන්ඩේච් අමාරුද දරුවො කො මෙතනින් වාඩි වෙන්න "

"වැඩිය අමාරුනම් නැහැ  ඒත් ජගත් අංකල්ටනම් ගොඩම් අමාරු ඇති "

හැමෝම දුකින් ඉන්න නිසා සනුදි හිතුවා පොඩි විහිලුවක් කරන්න

"අයියා දැන්ම හරියටම මමියක්ම තමයි රෙදි කෑලී වෙනුවට බැන්ඩේච් තියෙන්නෙ "

ඒක අහලා කට්ටියට එකපාර හිනත් ගියා නදී සනුදි දිහා ආදරෙන් බැලුවා නදීට තේරුනා කෙල්ල එහෙම කලේ කට්ටියගෙ දුක අඩු කරන්න කියලා

My Teacher || GL ||Där berättelser lever. Upptäck nu