නදී කිව්ව දේ අහලා ජයනි ශොක් වුනා එහෙමත් වෙන්න පුලුවන්ද එයාගෙ දුවට කෙල්ලෙක් ආදරේ කරන එක
"මොනාද දරුවො මේ කියන්නෙ "
"මන් ඇත්ත කියන්නෙ නැන්දෙ සමාවෙන්න මෙහෙම කියනවට ඒත් මන් සනුදිට අවුරුදු 3ක ඉදන් ආදරේ කලා "
"මොකක්ද ඔයාලා හම්බුනේ මේ ලගදිනෙ දරුවො "
" නැ නැන්දෙ ඔයාලා අවුරුදු 3 ට ඉස්සෙල්ලා පාර්ක් ගියානේද "
"ඔව් ගියා ඔයා කොහොමද දන්නෙ "
"අන්න ඒ පාර්ක් එකේ මාත් හිටියා මගෙ යාලුවෙක් එක්ක ඒ වෙලාවෙ තමා මන් සනුදිව මුලින් දැක්කෙ පලමු බැල්මෙන්ම කැමති වුනෙ එයාගෙ දගකාර කමට කවිදු එක්ක රණ්ඩු වෙවී හිටිය ඒ පොඩි මොහොතට "
නදී මෙහෙම එයාට සනුදිව දැකපු වෙලේ හැගීම කියද්දි ජයනිට මොනා කියන්නද කියලා තාමත් හිතා ගන්න බැහැ මොකද එයා කවදාවත් හිතුවෙ නැහැ එයගෙ හොදම යාලුවගෙ දුව එයාගෙ දුවට ආදරේ කරයි කියලා
" ඔයා මාව දැක්කෙ නැත්ද "
"නැහැනෙ නැන්දෙ නැත්තන් මන් ඔයාල එක්ක කතා කරන්න එනවනෙ "
"ඔයා හිතන්නෙ සනුදිත් ඔයාට කැමතියි කියලද "
"ඒකනම් මන් දන්නෙ නැ නැන්දෙ ඒත් මන් ආදරේ කලා සනුදිට හැබයි නැන්දා කැමති නැත්තන් මට දුකක් නැහැ සනුදිව ඈත ඉදන් සතුටින් ඉන්න විදිහ බලාගෙන ඉන්නම් "
"ම් එහෙමද අපි ගෙදර යන්කො ඉක්මනට එන්න එලියට "
ජයනි නදීට උත්තර දෙන්නෙ නැතුව එයාගෙ කාමරෙන් එලියට ගියේ නදීට සනුදි ගැන බයක් ඇති කරමින් ජයනි හොස්පිටල් එකේ එලියෙ වාඩි වෙලා ඉන්න සනුදි දිහා ඈතින් බලන් හිටියා සනුදිගෙ අත් ගැහෙන විදිහ බය වෙලා ඉන්න විදිහ අඩන විදිහ මේ සේරම ජයනිට හරි අමුත්තක් දැනුනා
"සනුදිත් නදීට ආදරේ කලාද "
අන්න ඒ හිතේ තිබ්බ ප්රශ්නෙ එක්කම ජයනි ටික්ක නිශ්ශබ්ද වුනේ දෙන්න එක්ක හොස්පිටල් එකේ කතා කිරීමට නොහැකි නිසා ගෙදර ගිහින් අල්ලගනී දෙන්නවම
කවිදු අනිත් පැත්තෙන් ජගත් ගැන එයාගෙ හිතේ තියෙන සැකේ තව තව වැඩි කරවවමින් එයාට තව හෝඩිවාවක් දසුන්ගෙ මාර්ගයෙන් හම්බුනා
YOU ARE READING
My Teacher || GL ||
Fanfictionඅවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝